පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1963/’17
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2007 වර්ෂයේ සිට, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව වැලිඔය අධ්‍යාපන කලාපයේ ගුරු සහායකයන් ලෙස 29 දෙනෙකු සේවය කරන බවත්;
(ii) යුද ගැටුම් පැවති කාලයේ පටන් ඔවුන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ රාජකාරි කටයුතුවල නිරත වුවද, මේ වනතෙක් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර නොමැති බවත්;
(iii) එම පළාතේ සේවය කළ ස්වේච්ඡා ගුරුවරුන් කැබිනට් අනුමතියකින් ස්ථිර කිරීමට පියවර ගෙන ඇති බවත්;
(iv) එම අනුමතිය මත උතුරු පළාත් සභාව විසින් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ ගුරුවරුන්ද ස්ථිර කිරීමට පියවර ගෙන තිබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මෙම ගුරු සහයකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-20
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ගුරු සහායකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම : වැලිඔය අධ්‍යාපන කලාපය
පිළිතුරු දුන් දිනය
2017-10-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks