බලන්න

E   |     |  

 දිනය: 2017-11-15   පිළිතුර ලබා දී ඇත 

1964/ 2017 - ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1964/’17

      ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       වර්තමානයේ කුකුළු කර්මාන්තයේ නිරත වී සිටින සමහර ‍ගොවිපළ හිමියන් “බැටරි කේජ්” නමින් නව ක්‍රමයට කුකළන් ඇති කරන බව දන්නේද;

                  (ii)       එම ක්‍රමය මඟින් කුකුළන් දැඩි හිංසාවකට ලක්වන බව පිළිගන්නේද;

        (iii)  මෙම ක්‍රමය තහනම් කිරීම සඳහා පියවර ගන්නේද;

        (iv)  මෙම ක්‍රමය තුළින් දේශීය වෙළඳපළට අධික බිත්තර සැපයුමක් ඇති වන බැවින්, බිත්තර මිල පහත වැටීමේ අවදානමක් මතුවන බව පිළිගන්නේද;

        (v)  එසේ නම්, දේශීය බිත්තර නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට හා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-11-15

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුකුළු ගොවිපොළ හිමියන් ආරක්ෂා කිරීම : ක්‍රියාමාර්ග

පිළිතුරු දුන් දිනය

2017-11-15

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අමීර් අලි සිහාබ්දින්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks