පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1989/’17
ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අංක 11, දුම්රියපොළ පාර, මන්නාරම යන ලිපිනයෙහි පිහිටා ඇති (ඔප්පු අංක 16) පර්චස් 190ක භූමිභාගය, 1872.12.17 දින මන්නාරම ඉඩම් කාර්යාලය විසින් මෙතොදිස්ත සභාවට අයත් ඉඩමක් ලෙස ලියාපදිංචිකර ඇති (ලියාපදිංචි අංක B 1/53) බවත්;
(ii) 1985 වර්ෂයේ රටේ ඇති වූ නොසන්සුන් වාතාවරණය හේතුවෙන් මෙම ඉඩම නඩත්තු කිරීමට නොහැකිව පැවති අවස්ථාවේදී, ශ්‍රී ලංකා යුද හමුදාව අදාළ ඉඩමෙහි කාර්යාලයක් ස්ථාපිත කළ බවත්;
(iii) එම කාර්යාලය සඳහා මන්නාරම නගරයට ආසන්න ප්‍රදේශයක භූමිභාගයක් වෙන්කරදී වර්ෂ 3කට අධික කාලයක් ගත වී ඇතත්, මෙතෝදිස්ත සභාවට අයත් මෙම ඉඩම මේ දක්වා යුධ හමුදාව විසින් නිදහස්කර නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මේ වනවිට මෙතෝදිස්ත සභාවට දැඩිලෙස අවශ්‍ය වී ඇති අදාළ ඉඩම ඉක්මනින් මුදාහැරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-11
අසන ලද්දේ
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks