පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2071/’17
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ, පූනහරි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දෙපාර්තමේන්තුවට අයත් ට්‍රැක්ටර් 23ක් හා අත් ට්‍රැක්ටර් 8ක් කිසිම නඩත්තුවක් හෝ ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා තිබෙන බවත්;
(ii) මෙම ට්‍රැක්ටර් අනාරක්ෂිතව වර්ෂ 4ක කාලයක් පුරා එළිමහනේ තිබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් ට්‍රැක්ටර් අලුත්වැඩියා කර භාවිතයට යොදාගැනීම සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගෙන තිබේද;
(ii) එසේ නම්, ඒවා අලුත්වැඩියා කරනු ලබන කාලය සහ අලුත්වැඩියාවෙන් පසු භාවිතයට ගනු ලබන ආකාරය කවරේද;
(iii) නොඑසේ නම්, එම ට්‍රැක්ටර් අලුත්වැඩියා කර සාධාරණ මිළ ගණන් යටතේ ගොවි සංවිධානවලට බදුදීමේ හැකියාවක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-03-21
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks