පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2124/’17
ගරු මයන්ත දිසානායක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) තෙත් කලාපයේ කුඹුරු පුරන්වීම ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය අඩුවීමට මෙන්ම, පාරිසරික ගැටලුවකටද හේතු වී ඇති බව දන්නේද;
(ii) පුරන් කුඹුරු අස්වැද්දීම පිළිබඳව ක්‍රියාත්මකවන යෝජනා කවරේද;
(iii) වී වගාවෙන් ගොවියා ඉවත් වීමට බලපාන හේතු කවරේද;
(iv) ඒ සඳහා ලබාදෙන විසඳුම් කවරේද;
(v) කුඹුරු වගා කිරීමේ කාර්ය කරවීම සඳහා අමාත්‍යාංශය යටතේ ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් සිටින නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(vi) එම නිලධාරින් කවුරුන්ද;
(vii) මෑතකදී ගමකට, කාන්තාවන් 20 බැගින් වූ ගොවි සංවිධානයක් පිහිටුවීම මඟින් පුරන් කුඹුරු වගා කිරීමේ කාර්යය ඉටුවන්නේද;
(viii) නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තුළ පුරන් කුඹුරු වගාකිරීමේ වැඩපිළිවෙළක් තිබේද;
(ix) ප්‍රාදේශීය මට්ටමේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීම සඳහා එක් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයකට උපාධිධාරින් සිව්දෙනා බැඟින් බඳවා ගැනීමෙන් අපේක්ෂිත පරමාර්ථය ඉටු වී තිබේද;
(x) උපාධිධාරින් වෙත පවරා ඇති රාජකාරි කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-30
අසන ලද්දේ
ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks