පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2218/’17
ගරු එස්. ශ්‍රීතරන් මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ, කිලිනොච්චිය නගර ග්‍රාමනිලධාරී වසමේ පිහිටා ඇති පරවිපාඥ්ජාන් ප්‍රදේශය පිළිබඳවත්;
(ii) එම ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේ කටයුතු මෙතෙක් සම්පූර්ණ වශයෙන් අවසන් වී නොමැති බවත්;
(iii) හමුදා පාලනය යටතේ පැවති එම ප්‍රදේශයේ දීර්ඝ කාලයකින් පසුව ජනතාව ක්‍රම ක්‍රමයෙන් නැවත පදිංචි කළ බවත්;
(iv) මෙම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට අයිති ඉඩම් වහාම හමුදාවෙන් මුදා හැර එම ජනතාවට ලබාදෙන බවට ජනාධිපතිතුමා විසින් දැනුම් දී ඇති බවත්;
(v) අක්කර 17.2ක ඉඩම් ප්‍රමාණයක් තවමත් මුදාහැර නොමැති බවත්;
(vi) ඒ හේතුවෙන්, එම ඉඩම් අයිති පවුල් 56ක් මේ වනවිට පදිංචි වීමට ස්ථානයක් නොමැතිව අසරණ තත්ත්වයට පත් වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ජනාධිපතිතුමාගේ දැනුම්දීම අනුව එම ඉඩම් සම්පූර්ණ වශයෙන් මුදාහැර තිබේද;
(ii) අක්කර 17.2ක ඉඩම් මුදා හරිනු ලබන දිනය කවරේද;
(iii) ඉහත (අ) vi හි සඳහන් පවුල් 56 නැවත පදිංචි කිරීමට කටයුතු කරනු ලබන දිනය කවරේද;
(iv) ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-12-08
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks