E   |     |  

 දිනය: 2018-04-05   පිළිතුර ලබා දී ඇත 

2344/ 2018 - ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2344/’17

      ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— 

      (අ)          (i)      කොළඹ විශ්වවිද්‍යාලය හා කැළණිය විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර සබඳතා විෂය පිළිබඳ ප්‍රථම උපාධිය හා පශ්චාත් උපාධි පාඨමාලාව සාර්ථකව හදාරා නිමකළ ශිෂ්‍යයන් එම විෂයය පිළිබඳව වසර තුන හතරක පමණ කාලයක් තුළ පුළුල් හැදෑරීමක් කර ඇති බැවින්, ඔවුන්ගේ දැනුම හා හැකියාව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලබා ගැනීමට දැනට යම් ක්‍රමවේදයක් තිබේද;

      (ii) වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු එම පාඨමාලාවන් සාර්ථකව නිම කළ ශිෂ්‍යයන් ඔබ අමාත්‍යාංශයට බඳවාගෙන ඇත්නම්, ඔවුන් පිළිබඳ තොරතුරු ලබා දෙන්නේද;

      (iii) නොඑසේ නම්, ඉදිරියේදී එම උපාධිධාරින් ඔබ අමාත්‍යාංශයට බඳවා ගැනීම සඳහා සුදුසු  ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-04-05

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks