පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2496/’17
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මෙම වර්ෂයේ මුල් කන්නයේදී බස්නාහිර පළාතේ වගා කරන ලද මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) බස්නාහිර පළාතේ වගා නොකළ පුරන් වූ කුඹුරු බිම් ප්‍රමාණය කොපමණද;
(iii) වගා නොකර පුරන් වූ කුඹුරුවලින් රටට අහිමි වූ වී මෙට්‍රික් ටොන් ප්‍රමාණය කොපමණද;
(iv) වගාකළ එහෙත්, හානි වු කුඹුරු හෙක්ටයාර් ප්‍රමාණය කොපමණද;
(v) සිදු වූ හානිය නැවත වරක් සිදුනොවීමට/අවම කිරීමට ගත් කාලීන ක්‍රියාමාර්ග කවරේද;
(vi) වගා හානි සිදුවීමෙන් අසරණ වූ ගොවීන්ට හානි පූර්ණය ලබා දෙන්නේ කවදාද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වගා නොකරන කුඹුරු වෙනත් ආර්ථික කටයුත්තකට යෙදවීමට අවසර ලබා දෙන්නේද;
(ii) එසේ නම්, ඒ පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කලේද;
(iii) එම ශක්‍යතා අධ්‍යයනයෙහි නිගමනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-04-06
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks