E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0223/ 2018 - ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2073/’17

      ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      2010 වර්ෂයේදී වවුනියාව, නෙඩුන්කර්ණි ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාසයේ, මාන්කුලම් ග්‍රාම නිලධාරි වසමේ පිහිටි, පුදුවිලාන්කුලම්, පුට්කුලම්, කුංජුකුලම්, මන්නකුලම්, කොල්ලර් පුලියන්කුලම් යන ගම්මාන 05ක පවුල් 270ක් පමණ නැවත පදිංචි කරන ලද බවත්;

      (ii) මෙම ගම්මාන මුලතිව් සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලට මායිම්ව පවතින බවත්;

      (iii) නැවත පදිංචි කරන ලද කාලයේ සිට මේ දක්වා මෙම ජනතාවට කිසිදු මූලික පහසුකම් හෝ නොමැතිව දැඩි පීඩාවන්ට මුහුණ පා සිටින බවත්;

      (iv) A - 9 මාර්ගයට පැමිණීම සඳහා ප්‍රවේශ මාර්ග නොමැති වීම සහ ගම්මාන හරහා තිබෙන දුම්රිය මාර්ගයට හරස්ව වැටී ඇති පාරවල් සඳහා ආරක්ෂාකාරි දුම්රිය ගේට්ටු ‍නොමැති වීමෙන් මෙම ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත ගම්මානවලට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමට පියවර ගන්නේද;

      (ii) එසේ නම්, එම පහසුකම් ලබා දෙන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-08-07

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks