E   |     |  

 දිනය: 2018-08-09   පිළිතුර ලබා දී ඇත 

0224/ 2018 - ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2109/’17

      ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       කලුතර දිස්ත්‍රික්කයේ, මතුගම අධ්‍යාපන කලාපයේ පිහිටි කලෛමගල් දෙමළ විද්‍යාලයේ ශිෂ්‍යයන් හාරසියයකට අධික පිරිසක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) දක්වා අධ්‍යාපනය ලබමින් සිටින බවත්;

      (ii) මෙම පාසල “ළඟම පාසල-හොඳම පාසල” වැඩසටහන යටතේ සංවර්ධනය කිරීම සඳහා මාස දෙකකට පෙර මුල්ගල් තැබූ බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත අ(ii)හි සඳහන් සංවර්ධන කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;

      (ii) ඉහත පාසලෙහි අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර තිබේද;

      (iii) එසේ නම්, එම පන්ති ආරම්භ කරනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-08-09

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks