07

E   |     |  

2024 අගෝස්තු මස 06 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
B : සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
C : සෞඛ්‍ය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
D : ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii)         2023 වර්ෂය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii)         2023 වර්ෂය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv)    2022 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(v)    2022 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(vi)    2022 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(vii)    2022 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(viii)    2022 වර්ෂය සඳහා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(ix)    2022 වර්ෂය සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(x)    2023 වර්ෂය සඳහා ජාතික සත්‍‍වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(xi)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 ජුනි 18 දිනැති අංක‍ 2389/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය මත, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 මැයි 09 දිනැති අංක‍ 2383/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii)         2023-2030 වර්ෂ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම
(xiv)    2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ 19(2) වගන්තිය සමඟ කියවිය යුතු 48 වගන්තිය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ජූලි 15 දිනැති අංක‍ 2393/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා                    
(ii)    ගරු ජේ. සී. අලවතුවල මහතා  
(iii)    ගරු හර්ෂණ රාජකරුණා මහතා                  
(iv)    ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය   -   පෙත්සම් තුනයි     
             
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
පාසල්වල ගැටලු සහ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ගරු අධ්‍යාපන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ජාත්‍යන්තර පාරම්පරික සිහෙලවේදය සභාව (ITSC) (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

දෙවැනිවර කියවීම සම්මත කර ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“නිල්වලා ග‍‍ඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු බුද්ධික පතිරණ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1615 ට 2024 අගෝස්තු මස 7 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks