07

E   |     |  

2024 අගෝස්තු මස 09 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සහ ධීවර ක්ෂේත්‍රය සම්බන්ධ ගැටලු

ගරු අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම සඳහා වූ

“සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පිළිගන්වන ලදී.

 

ශෝක ප්‍රකාශ යෝජනා

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රොනී ද මැල් මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1405 ට 2024 අගෝස්තු මස 21 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks