07

E   |     |  

2024 අගෝස්තු මස 21 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම

ගරු මනුෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ගරු ‍හරීන් ප්‍රනාන්දු මහතා සහ ගරු මනූෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු අසුන් පුරප්පාඩු වීම සම්බන්ධයෙන්
B : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම  
C : “පළාත් සභා මැතිවරණ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්     
D : “පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්          

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

A. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLI කොටස;
•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XIX කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXVII කොටස; සහ
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ IV සහ V කොටස්, තෙවැනි කාණ්ඩයේ I කොටස සහ නවවැනි කාණ්ඩයේ I කොටස

B.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ VII කොටස, සිව්වැනි කාණ්ඩයේ I කොටස සහ පස්වැනි කාණ්ඩයේ I කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා ශීර්ෂය 04 - උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ කාර්ය සාධන වාර්තාව
(ii)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iii)    2023 වර්ෂය සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iv)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(vi)    2022 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශය
(vii)    2022 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ වාර්ෂික වාර්තාව
(viii)    2023 වර්ෂය සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ix)    2023 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(x)    2023 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xi)    2017 වර්ෂය සඳහා ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xii)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xiii)    2023 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xiv)    2021/2022 වර්ෂය සඳහා කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව
(xv)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xvi)    2022 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ පශ්චාත් වෛද්‍ය උපාධි පුහුණු මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(xvii)         2022 වර්ෂය සඳහා ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(xviii)         2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xix)    2023 වර්ෂය සඳහා රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(xx)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 44 වගන්තිය සමඟ කියවිය යුතු 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විමසා කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සහ එහි සිට සිදු කරගෙන යන අක්වෙරළ බැංකු ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ජූලි 26 දිනැති      අංක‍ 2394/66 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxi)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 45 වගන්තිය සමඟ කියවිය යුතු 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විමසා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ එකඟත්වය ඇතිව, කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සහ එහි සිට සිදු කරගෙන යන අක්වෙරළ බැංකු ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ජූලි 26 දිනැති අංක‍ 2394/67 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ජූලි 18 දිනැති අංක‍ 2393/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xxiii)    2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 11 වගන්තිය සමඟ කියවිය යුතු 17 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 අප්‍රේල් 30 දිනැති අංක‍ 2382/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxiv)    ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124(6) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxv)    මානව හිමිකම් උල්ලංඝනයවීම්, බරපතල ගණයේ ජාත්‍යන්තර මානුෂීය නීති කඩකිරීම් සහ වෙනත් එවැනි බරපතල වැරදි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පූර්වගාමීව පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු මඟින් සොයා ගන්නා ලද කරුණු සහ ඒවායේ නිර්දේශ පිළිබඳව විමර්ශනය කිරීම සහ පරීක්ෂා කිරීම, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සහ වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව (I වැනි වෙළුම)
(xxvi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    “සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත” පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන්, එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    “ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත” පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන්, එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    “පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත” පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන්, එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(iv)    යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති,      ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා විසින් පිළිගන්වන ලදී.
(v)    නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාඨලි චම්පික රණවක මහතා විසින් පිළිගන්වන ලදී.
(vi)    ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී, ගරු මධුර විතානගේ මහතා විසින් පිළිගන්වන ලදී.
(vii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් එහි සාමාජික, ගරු පාඨලි චම්පික රණවක මහතා විසින් පිළිගන්වන ලදී.
(viii)    පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති, ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.
(ix)    විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු අනුරාධ ජයරත්න මහතා                    
(ii)    ගරු හෙක්ටර් අප්පුහාමි මහතා      -    පෙත්සම් දෙකයි
(iii)    ගරු එස්. එම්. මරික්කාර් මහතා                    
(iv)    ගරු ෂාන් විජයලාල් ද සිල්වා මහතා                    
(v)    ගරු වීරසේන ගමගේ මහතා         -   පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
වී ගොවීන්, ධීවර ක්ෂේත්‍රය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

පහත සඳහන් පනත් කෙටුම්පත් ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදී -

(i)    රාජ්‍ය වත්කම් කළමනාකරණ - කොම්ප්ට්‍රෝලර් ජනරාල් දෙපාර්තමේන්තුව යනුවෙන් හඳුන්වනු ලැබිය යුතු සහ සඳහන් කරනු ලැබිය යුතු දෙපාර්තමේන්තුවක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; රාජ්‍ය ආයතනයක් විසින් පූර්ණ හිමිකම දරනු ලබන, පවරන ලද, අත්කරගන්නා ලද, පවරා ගන්නා ලද, දරන ලද හෝ උපයෝජනය කරන ලද මූල්‍ය නොවන නිශ්චල හෝ චංචල වත්කම් හඳුනා ගැනීම සහ එම වත්කම්වල ජාතික වත්කම් ලේඛනයක් සම්පාදනය කිරීම සඳහා ද; එකී ලේඛනය කලින් කලට යාවත්කාලීන කිරීම සඳහා සහ එකී වත්කම්වල නිසි ප්‍රතිලාභ රාජ්‍ය ආයතන වෙත ලැබීම තහවුරු කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස

(ii)    දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) - (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා
(iii)    අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) - 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා
(iv)    ගෙවල් කුලී (ඉවත් කිරීමේ) - 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත්  කිරීම සඳහා
(v)    පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ - ගෙහිමියෙකු විසින් පරිශ්‍රයක පදිංචි වී සිටින තැනැත්තන් නෙරපීම වැළැක්වීම පිණිස ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස
(vi)    විනිමය පත්‍ර (සංශෝධන) - (82 වන අධිකාරය වූ) විනිමය පත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    මාතෘ ප්‍රතිලාභ ආඥාපනත (සංශෝධන)
(ii)    සාප්පු සහ කාර්යාල සේවක (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන)

නමැති පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මියට අවසර දෙන ලදී.

(iii)    “ශ්‍රී ලංකා දෘෂ්ටි විශේෂඥයන්ගේ සංගමය (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක 3 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-

(i)    සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(ii)    කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග
(iii)    වර්ල්ඩ් ලයි‍ෆ් ලයින් යෝගා ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1553 ට 2024 සැප්තැම්බර් මස 3 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks