07

E   |     |  

2024 සැප්තැම්බර් මස 03 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම

ගරු තලතා අතුකෝරල මහත්මියගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු කරුණාරත්න පරණවිතානගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මියගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වීම සම්බන්ධයෙන්
C : “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව  
D : මහ බැංකුවේ කාර්යයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ රැස්වීමක්   

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වී‍ම

A.
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXXVIII කොටස; සහ
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ VI කොටස සහ තෙවැනි කාණ්ඩයේ II කොටස

B.
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ VIII කොටස, සිව්වැනි කාණ්ඩයේ II කොටස, සහ පස්වැනි කාණ්ඩයේ II, III හා IV කොටස්

(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩය ─ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳ ඇගයීම සම්බන්ධ කාර්ය සාධන විගණන වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 සහ 2021 වර්ෂ සඳහා සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තා
(ii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)    2022/2023 වර්ෂය සඳහා සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iv)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(v)    2022 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi)    2020 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(vii)    2023 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුබසාධක අරමුදලේ කාර්ය සාධන වාර්තාව
(viii)    2023 වර්ෂය සඳහා ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තු‍වේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ix)    2023 වර්ෂය සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(x)    2023 වර්ෂය සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xi)    2021 වර්ෂය සඳහා සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව
(xii)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව

(xiii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජනාධිපති කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xiv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ තාක්ෂණ අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xviii)    ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124(6) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xix)    2024 අංක 02 දරන පරිපූරක ඇස්තමේන්තුව
(xx)    2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ චෙක් පෝට් සිටි කළම්බු (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 අගෝස්තු 09 දිනැති අංක 2396/60 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxi)    2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනතේ 3 වගන්තිය සමඟ කියවිය යුතු  4 වගන්තිය යටතේ කැසිනෝ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබාදීමේ නියෝග සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 මැයි 29 දිනැති අංක 2386/09 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xxii)    2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බද්ද සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 මාර්තු 28 දිනැති අංක 2377/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xxiii)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 54 වගන්තිය සමඟ කියවිය යුතු 71(2) වගන්තියේ (ට) ඡේදය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සහ ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 10 දරන සහාධිපත්‍ය දේපළ කළමනාකරණ අධිකාරිය පනතේ 2 වගන්තිය යටතේ පිහිටුවන ලද සහාධිපත්‍ය දේපළ කළමනාකරණ අධිකාරිය විමසා, කොළඹ වරාය නගරයේ සහාධිපත්‍ය දේපළ කළමනාකරණය සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ජූලි 26 දිනැති අංක‍ 2394/68 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxiv)    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 7(1)(ඇ) සහ VI ‍කොටස සමඟ කියවිය යුතු 105 වගන්තිය යටතේ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් සාදන ලදුව, 2024 ජූලි 01 දිනැති අංක 2391/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති
(xxv)    1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වගන්තිය සමඟ කියවිය යුතු 41 වගන්තිය යටතේ ජාතික ක්‍රීඩා සංගම් නියෝග සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024  මැයි 03 දිනැති අංක 2382/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxvi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxvii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxviii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxix)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල කර්මාන්ත අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා
(xxx)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxxi)    2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනතේ 36(2) වගන්තියේ (ඈ) සහ (ඉ) ඡේද සමඟ කියවිය යුතු 67 වගන්තිය යටතේ උපකරණවල බලශක්ති කාර්ය සාධන ප්‍රමිති (ශීතකරණ) සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 අප්‍රේල් 11 දිනැති           අංක‍ 2327/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ එම ගැසට් පත්‍රයේ සිංහල භාෂා පිටපතෙහි නීති කෙටුම්පත් සම්පාදකගේ අංකය නිවැරදි කිරීම සඳහා 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 අගෝස්තු 14 දිනැති අංක‍ 2397/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxxii)    2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනතේ 36 සහ 38 වගන්ති සමඟ කියවිය යුතු 67 වගන්තිය යටතේ බලශක්ති පරිභෝජන පිල් ලකුණු පිළිබඳ නියෝග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ජූලි 04 දිනැති අංක‍ 2339/09 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxxiii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxxiv)    ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124(6) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු එස්.එම්. මරික්කාර් මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මයන්ත දිසානායක මහතා විසින් පිළිගන්වන ලදී.
(iv)    විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා අටක්, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු නීතිඥ උදයන කිරිඳිගොඩ මහතා විසින් පිළිගන්වන ලදී.
(v)    ආහාර සුරක්ෂිතතාවය සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා හතරක්, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු සුදත් මංජුල මහතා විසින් පිළිගන්වන ලදී.
(vi)    ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, කාරක සභාවේ සාමාජික ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය විසින් පිළිගන්වන ලදී.
(vii)     මාධ්‍ය, ත‍ාරුණ්‍යය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -

(i)    ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව - ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; ඒ කොමිෂන් සභාවේ බලතල සහ කර්තව්‍ය දැක්වීම සඳහා ද; ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, නියාමනය කිරීමේ කාර්යය සඳහා කොමිෂන් සභාවේ නියාමන කමිටුව පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස

(ii)    ජාතික ඉඩම් කොමිෂන් සභාව - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන උපලේඛනයේ, I වන ලැයිස්තුවේ (පළාත් සභා ලැයිස්තුව), II වන පරිශිෂ්ටයේ 3 වන ඡේදයේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටුවීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස

(iii)    සමාගම් (සංශෝධන) - 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ - සංශෝධන සහිතව
(ii)    අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) - සංශෝධන සහිතව
(iii)    සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1650 ට 2024 සැප්තැම්බර් මස 4 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks