පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව, ගරු අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ රැස්වීමක් කැඳවීමේ නිවේදනය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය විසින් කියවනු ලැබීය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
2 : 2025 වසර සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට අදාළ ආරාධනා පත්‍ර
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXV කොටස, තෙවැනි කාණ්ඩයේ XVI කොටස සහ නවවැනි කාණ්ඩයේ XXI කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ (4) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාව විසින් ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ
(ii) 2012 අංක 12 දරන මුදල් පනතේ විධිවිධාන සමඟ කියවිය යුතු 2013 අංක 12 දරන මුදල් පනතේ 12 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 නොවැම්බර් 22 දිනැති අංක 2411/56 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(iii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්ති සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත, ශ්‍රී ලංකා මොරටුව විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය හා පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යතුමිය විසින් සාදන ලදුව, 2024 නොවැම්බර් 29 දිනැති අංක 2412/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iv) 1974 අංක 35 දරන සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනත් මඟින් සංශෝධිත (235 වැනි අධිකාරය වූ) රේගු ආඥා පනතේ 19(අ) වගන්තිය යටතේ රේගු ආනයන තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජනවාරි 27 දිනැති අංක 2421/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(v) 2019 වර්ෂය සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(vi) 2019 වර්ෂය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vii) 2018 වර්ෂය සඳහා ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -
(i) පාර්ලිමේන්තුවේ වැඩකටයුතු
2024 දෙසැම්බර් 03 සහ 2025 ජනවාරි 24 දිනයන්හි පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවල කුමක් සඳහන්ව තිබුණ ද, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111, 2025 පෙබරවාරි 28 දක්වා අත්හිටවනු ලැබිය යුතු ය.
(ii) පාර්ලිමේන්තුවේ වැඩකටයුතු
2024 දෙසැම්බර් 03 සහ 2025 ජනවාරි 24 දිනයන්හි පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවල කුමක් සඳහන්ව තිබුණ ද, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 50(2) හි විධිවිධානවල සඳහන් “ආංශික අධීක්ෂණ කාරක සභාවට” යන වචන වෙනුවට “අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට” යන වචන ආදේශ කිරීමෙන් එකී ස්ථාවර නියෝගය 2025 පෙබරවාරි 28 දින දක්වා බලාත්මක විය යුත්තේ ය.
(iii) පාර්ලිමේන්තුවේ වැඩකටයුතු
2024 දෙසැම්බර් 03 සහ 2025 ජනවාරි 24 දිනයන්හි පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවල කුමක් සඳහන්ව තිබුණ ද, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවලට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාවේ දක්වා ඇති පනත් කෙටුම්පත් හැර කාරක සභාවට යොමු කරනු ලබන වෙනත් යම් පනත් කෙටුම්පතක්, ගිවිසුමක්, කාරක සභාවේ විෂය පථයට යටත් වන ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් කාරක සභාව වෙත යොමු කරන ලද වාර්තාවක් හෝ කාරණාවක් හෝ යම් කාරක සභාවක් හෝ අමාත්‍යවරයෙකු හෝ විසින් එහි අධිකාර බල සීමාව තුළ ඇති විෂයයන් සහ කාර්යයන්ට අදාළ වෙනත් යම් කාරණයක් 2025 පෙබරවාරි 28 දක්වා විභාග කිරීමටත්, ඒවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, බලය තිබිය යුත්තේ ය.
වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 ජනවාරි 23 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 0955 ට 2025 පෙබරවාරි මස 17 වැනි සඳුදා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks