E   |     |  

2025 මාර්තු මස 11 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයක් ස්ථාපනය කිරීම සඳහා පැවැත්වෙන සමාරම්භක රැස්වීම     


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVI කොටස;
•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LIX කොටස; සහ
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXVIII කොටස



ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2024.12.06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම සඳහා වන යෝජනාවේ (ඉ) වගන්තිය අනුව 2025.01.01 සිට 2025.02.28 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ “සංවර්ධන වැඩසටහන” සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන් කිරීම් පිළිබඳ සටහන

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපතිවරයා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු චතුරංග අබේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ‍පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූ. පී. අබේවික්‍රම මහතා - පෙත්සම් දෙකයි
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා  - පෙත්සම් දෙකයි
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කිරීම සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ දුක්ගැනවිලි

(ii)    ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
චාවකච්චේරි මූලික රෝහලේ වෛද්‍ය කස්තුරි ජීවගන් මාරු කිරීම


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2025) - කාරක සභාව

(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මඩකලපුව ගුවන් තොටුපළ පුළුල් කිරීමේදී ඉඩම් ලබාදුන් පුද්ගලයින්ට ඔප්පු ලබාදීම ආදිය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා විසින් යෝජනා කරන ලදී.



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1825 ට 2025 මාර්තු මස 12 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks