E   |     |  

2025 මාර්තු මස 15 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ගරු මොහමඩ් සාලි නලීම් මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වීම සම්බන්ධයෙන්
2 : න්‍යාය පත්‍රයේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අනුපිළිවෙලට සකස් කිරීම සම්බන්ධයෙන් ගරු චමින්ද විජේසිරි මහතා විසින් 2025.03.14 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම
3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2025 පෙබරවාරි 27 දින ඉදිරිපත් කරන ලද 2025 කෙටුම්පත් ඇස්තමේන්තුවල පාඨ ආදියෙහි යෝජිත වෙනස් කිරීම් ලැයිස්තුවේ සං‍ශෝධන
(ii)    2021 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව


කාරක සභා වාර්තා පිළිගැන්වීම

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු විජිත හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා    
                 
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


අමාත්‍යාංශ නිවේදන

චීන රජයෙන් පාසල් සඳහා ලබා දීමට නියමිත ස්මාර්ට් පුවරු පිළිබඳව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය අමාත්‍යාංශ නිවේදනයක් කළාය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2025) - කාරක සභාව

(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(ii)    ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2021)
(iii)    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2021)
(iv)    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව (2021)
(v)    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව (2021)
(vi)    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව (2022)



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1752 ට 2025 මාර්තු මස 17 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks