පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : පාර්ලිමේන්තුවේ කාරක සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ නීතිමය පදනම පිළිබඳව සොයාබලා එකී නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මඟ පෙන්වීම පිණිස පත් කරන ලද කමිටුවේ සාමාජික මන්ත්‍රීන්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දෙගේ මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් ෂරීෆ් මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු රවී කරුණානායක මහතා
ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට යෝජිත අන්‍යෝන්‍ය තීරුබදු වල බලපෑම
ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
සම්බන්ධයෙන් 2025.03.11 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු චාමර සම්පත් දසනායක මහතා
‘කෝප්’ රැස්වීමක දී ඔහු සම්බන්ධයෙන් කළ ප්‍රකාශය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2025) - කාරක සභාව
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
(ii) ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“රැකියා සඳහා විදෙස්ගතවීමේ දී ලියාපදිංචි කිරීම යනාදිය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1823 ට 2025 මාර්තු මස 19 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks