E   |     |  

2025 මාර්තු මස 19 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය‍”‍ දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපනය කිරීම
2 : ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා සම්බන්ධයෙන් තීරණය


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii)    2023 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා - පෙත්සම් දෙකයි
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා   

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -

(i)    අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධානවල සහ 2024 දෙසැම්බර්  06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙහි  කුමක් සඳහන්ව තිබුණ ද, 2025 මාර්තු 15 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂයභාර අමාත්‍යවරයා සභාපතිවරයා වූ ද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් විසි නව දෙනෙකුගෙන් (29) සමන්විත විය යුතු ය.

(ii)    ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 හි විධිවිධානවල සහ 2024 දෙසැම්බර් 06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2025 මාර්තු 15 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව, නියෝජ්‍ය කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් පහළොස් දෙනෙකුගෙන් (15) සමන්විත විය යුතු ය.

(iii)    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධානවල සහ 2024 දෙසැම්බර්  06 දින පාර්ලිමේන්තුව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලද යෝජනා‍වෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2025 මාර්තු 15 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් විසි දෙනෙකුගෙන් (20) සමන්විත විය යුතු ය.

(iv)    ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 116 හි විධිවිධානවල සහ 2024 දෙසැම්බර්  06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2025 මාර්තු 15 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් දස දෙනෙකුගෙන් (10) සමන්විත විය යුතු ය.

(v)    ගෘහ්‍ය කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 117 හි විධිවිධානවල සහ 2024 දෙසැම්බර්  06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙහි  කුමක් සඳහන්ව තිබුණ ද, 2025 මාර්තු 15 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ගෘහ්‍ය කාරක සභාව, කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් පහළොස් දෙනෙකුගෙන් (15) සමන්විත විය යුතු ය.

(vi)    ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධානවල සහ 2024 දෙසැම්බර් 06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙහි  කුමක් සඳහන්ව තිබුණ ද, 2025 මාර්තු 15 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දහ අට දෙනෙකුගෙන් (18) සමන්විත විය යුතු ය.

(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 හි විධිවිධානවල සහ 2024 දෙසැම්බර්  06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2025 මාර්තු 15 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු ය.

(viii)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 හි විධිවිධානවල සහ 2024 දෙසැම්බර්  06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2025 මාර්තු 15 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු ය.

(ix)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධානවල සහ 2024 දෙසැම්බර්  06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2025 මාර්තු 15 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දහ අට දෙනෙකුගෙන් (18) සමන්විත විය යුතු ය.

(x)    ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 හි විධිවිධානවල සහ 2024 දෙසැම්බර්  06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2025 මාර්තු 15 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු  ලබන සාමාජික මන්ත්‍රීවරයන් විසි තුන් දෙනෙකුගෙන් (23) සමන්විත විය යුතු ය.

(xi)    මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125 හි විධිවිධානවල සහ 2024 දෙසැම්බර්  06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2025 මාර්තු 15 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් විසි නව දෙනෙකුගෙන් (29) සමන්විත විය යුතු ය.

(xii)    උසස් නිලතල පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 127 හි විධිවිධානවල සහ 2024 දෙසැම්බර්  06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2025 මාර්තු 15 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් දහනව දෙනෙකුගෙන් (19) සමන්විත විය යුතු ය.

(xiii)    පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 129 හි විධිවිධානවල සහ 2024 දෙසැම්බර්  06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2025 මාර්තු 15 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන ආණ්ඩු පාර්ශ්වයේ පසුපෙළ මන්ත්‍රීවරයන් අට දෙනෙකුගෙන් (08) සහ විරුද්ධ පාර්ශ්වයේ පසුපෙළ මන්ත්‍රීවරයන් අට දෙනෙකුගෙන් (08) සමන්විත විය යුතු ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2025) - කාරක සභාව

(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස පිළිබඳ චක්‍රලේඛය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1830  ට 2025 මාර්තු මස 20 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks