පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXIX කොටස; සහ
• 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXVIII හා XXIX කොටස්, සිව්වැනි කාණ්ඩයේ XX හා XXI කොටස් සහ හයවැනි කාණ්ඩයේ XXVI, XXVII, XXVIII හා XXIX කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව
(ii) 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතේ 7(2) වගන්තිය යටතේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජනවාරි 08 දිනැති අංක 2418/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iii) 2020 සහ 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා දේශගුණ අරමුදල (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මහත්මිය - පෙත්සම් දෙකයි
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු, පොලිය, රඳවා ගැනීමේ බද්ද
ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
වාලච්චේන කඩදාසි කම්හල නැවත විවෘත කිරීම
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2025) - කාරක සභාව
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 16 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(ii) මුදල් පනත යටතේ නියෝගය
(iii) දේශීය ආදායම් පනත යටතේ යෝජනාව
(iv) රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීමේ පනත යටතේ නියෝග
(v) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(vi) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(vii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(viii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(ix) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය
(x) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය
(xi) ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව (2021)
(xii) ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වාර්ෂික වාර්තාව (2021)
(xiii) ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වාර්ෂික වාර්තාව (2022)
(xiv) ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව (2020)
(xv) ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව (2021)
(xvi) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1913 ට 2025 මාර්තු මස 21 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks