E   |     |  

2025 අප්‍රේල් මස 09 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    රේගු ආඥා පනතේ (235 අධිකාරය වූ) “අ” උපලේඛනයේ විධිවිධාන යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනා සම්මතය
(ii)    (2025 ජනවාරි 27 දිනැති අංක 2421/05 දරන අති විශේෂ ගැසට් පත්‍රය).
(iii)    1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10(අ) වගන්තිය යටතේ ආනයන භාණ්ඩ සම්බන්ධ වරණීය හා සාමාන්‍ය තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජනවාරි 31 දිනැති අංක 2421/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා.
(v)    2022 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන  රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(vi)    2023 වර්ෂය සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව.
(vii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ වාර්ෂික වාර්තාව.
(viii)    2023 වර්ෂය සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(ix)    2023 වර්ෂය සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලයේ වාර්ෂික වාර්තාව.
(x)    2023 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු සහ IMF ණය ආපසු ගෙවීම


අමාත්‍යාංශ නිවේදන

රාජ්‍ය අංශය සඳහා බඳවා ගැනීම් ආදිය පිළිබඳව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.


වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා
ඉන්දියාව සහ චීනය සමඟ ඇතිකරගත් ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා
ඉන්දියාව සහ චීනය සමඟ ඇතිකරගත් ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 19 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii)    සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය
(iii)    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව (2023)
(iv)    ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව (2023)
(v)    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය (2022)
(vi)    ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව (2023)
(vii)    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2022)
(viii)    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව (2022)
(ix)    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2023)
(x)    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව (2023)
(xi)    ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2019)
(xii)    සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව (2021/2022)
(xiii)    ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2022),
(xiv)    සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ වාර්ෂික වාර්තාව (2015/2016)
(xv)    මාන්තායි සෝල්ට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2020/2021)
(xvi)    ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2022)
(xvii)    ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2022)
(xviii)    ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව (2023)
(xix)    මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව (2016)


කල් තැබීමේ යෝජනාව

“සූර්ය බලශක්ති උත්පාදනය සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් යෝජනා කරන ලදී.



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1904 ට 2025 අප්‍රේල් මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks