E   |     |  

2025 මැයි මස 08 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම

ගරු කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු රත්නායක මුදියන්සේලාගේ සමන්ත රනසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.


ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

2 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම   
3 : “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
4 : ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
5 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
6 : රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
7 : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
8 : එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාවල සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
9 : අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XIX කොටස;
•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXIII කොටස සහ නවවැනි කාණ්ඩයේ XLIII කොටස; සහ
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XL කොටස, තෙවැනි කාණ්ඩයේ XVII කොටස සහ නවවැනි කාණ්ඩයේ XXIII කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(ii)    2023 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(iii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව.
(iv)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා‍වේ වාර්ෂික වාර්තාව.
(v)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභා‍වේ වාර්ෂික වාර්තාව.
(vi)    2023 වර්ෂය සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව.
(vii)    2023 වර්ෂය සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව.
(viii)    2023 වර්ෂය සඳහා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව.
(ix)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 මාර්තු 19 දිනැති         අංක‍ 2428/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.
(x)    2003 අංක 25 දරන මුදල් පනතේ 2(1) වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජනවාරි 31 දිනැති අංක 2421/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
(xi)    2018 අංක 35 දරන මුදල් පනතේ 51 වගන්තිය සමඟ කියවිය යුතු 19 වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝප‍‍භෝගී බද්ද සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජනවාරි 31 දිනැති අංක 2421/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය.
(xii)    සං‍ශෝධිත පරිදි, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජනවාරි 31 දිනැති අංක 2421/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xiii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත, ශ්‍රී ලංකාවේ වයඹ විශ්වවිද්‍යාලයේ පෝෂණය හා ආහාරවේදය අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් සාදන ලදුව, 2025 ජනවාරි 08 දිනැති අංක 2418/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xiv)    1974 අංක 35 දරන රේගු (සංශෝධන) පනතින් සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනතින් සංශෝධිත (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 19(අ) වගන්තිය යටතේ රේගු ආනයන තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 පෙබරවාරි 25 දිනැති අංක 2425/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xv)    2025 අංක 3 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2025.03.01 සිට 2025.03.27 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.
(xvi)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(xvii)    2020 වර්ෂය සඳහා මිල්කො (ප්‍රයිවට්) ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.
(xviii)    2023 වර්ෂය සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(xix)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(xx)    2023 වර්ෂය සඳහා රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xxi)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(xxii)    2023 වර්ෂය සඳහා හානිපූරණය සඳහා වන කාර්යාලය - ශ්‍රී ලංකාව හි වාර්ෂික වාර්තාව.
(xxiii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා   -   පෙත්සම් හතයි
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා                                     -  පෙත්සම් තුනයි
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා                                     -  පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
IMF ගිවිසුම, විදුලි බිල්පත පිළිබඳ ගැටළු, සරල කළ වැට් බදු, ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලී අනුපාතය, ළමා ඉතුරුම් ගිණුම්වල රඳවාගැනීමේ බදු ආදිය.

ගරු මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් ගැටළු

 

අමාත්‍යාංශ නිවේදන

වී අස්වැන්න සහ සහල් ආනයනය පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් 2025.04.10 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය, ගරු වසන්ත සමරසිංහ මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -

(i)    විදේශීය ණය (ඉවත් කිරීමේ) - 1957 අංක 29 දරන විදේශීය ණය පනත ඉවත් කිරීම සඳහා
(ii)    පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) - 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය කිරීම සඳහා
(iii)    ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) - 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සඳහා

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ (අවලංගු කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු රවී කරුණානායක මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1730 ට 2025 මැයි මස 9 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks