E   |     |  

2025 මැයි මස 09 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : වාචික ප්‍රශ්නයක් සඳහා අතුරු ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.

(ii)    2023 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(iii)    2021 වර්ෂය සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව.
(iv)    2022 වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ වාර්ෂික වාර්තාව.
(v)    2023 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(vi)    2023 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(vii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(viii)    2023 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව.
(ix)    2023 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව.
(x)    2023 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්.
(xi)    2023 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව.
(xii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට 2025 පෙබරවාරි 25 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා වශයෙන් ‍ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් සාදන ලදුව, 2025 පෙබරවාරි 24 දිනැති අංක 2425/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.  
(xiii)    2022 වර්ෂය සඳහා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව.
(xiv)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව.
(xv)    2021/2022 වර්ෂය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව.
(xvi)    2022 වර්ෂය සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(xvii)    2023 වර්ෂය සඳහා පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව.
(xviii)    2023 වර්ෂය සඳහා හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) ලිමි‍ටඩ් හි වාර්ෂික වාර්තාව.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා   -  පෙත්සම් තුනයි
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. සුජිත් සංජය පෙරේරා මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා   -  පෙත්සම් තුනයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
G2G ගිවිසුම යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධ කැබිනට් පත්‍රිකාව

(ii)    ගරු රවී කරුණානායක මහතා
විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ප්‍රවේශය ආදිය.

ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.

 

අමාත්‍යාංශ නිවේදන

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු සහ IMF ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් 2025.04.09 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන්,  මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
ඔහුගේ පාර්ලිමේන්තු කතා විකාශය නොකිරීම


වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චාමර සම්පත් දසනායක මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 මාර්තු 18 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“මාබොටුවන ශ්‍රී පියරතන නාහිමි සුවසෙවන පදනම (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතාට අවසර දෙන ලදී.



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 6 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-

•   ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින්, හිටපු රාජ්‍ය නායකයන් හා එම වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කිරීම

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින්, හිටපු රාජ්‍ය නායකයන් හා එම වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද පිළිබඳව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයන් හි මෙන්ම මෙරට ජන සමාජය තුළ කථිකාවක් ඇති වී තිබෙන හෙයින්, රටේ පොදු ජනතාවගේ ඉල්ලීමට සවන්දෙමින් ඔවුන්ගේ අපේක්ෂාවන් සඵල කිරීම පිණිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, හිටපු රාජ්‍ය නායකයන්ට හා එම වැන්දඹුවන්ට චිරාත් කාලයක් ලබා දී තිබූ වරප්‍රසාද සුදුසු පරිදි අඩු කිරීම, ඉවත් කිරීම හෝ ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරයන්ගෙන් සාධාරණ පිළිතුරක් පාර්ලිමේන්තු සභාව තුළ දී සාකච්ඡා කොට ලබා ගැනීමට රජය විසින් අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•   අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සහ බෙදා හැරීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉහළ නැංවීමේ වැඩසටහනක් සකස් කිරීම

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා වෙනත් ද්‍රව්‍ය ආනයනය කිරීමේ ක්‍රියාවලිය පුද්ගලයන් කිහිපදෙනෙකු අත රඳා පැවතීම නිසා ජනතාවට විවිධ අසීරුතාවයන්ට මුහුණදීමට සිදුවී තිබෙන හෙයින් මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉහළ නැංවීමට සුදුසු වැඩසටහනක් රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙ‍ම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•   විගණන වාර්තා මඟින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම

රජයේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනවල සිදුවන විවිධ මූල්‍යමය වංචා පිළිබඳව විගණන වාර්තා මඟින් කරුණු හෙළි කරන හෙයින්, එවැනි වංචා හා දූෂණ ‍රාජ්‍ය ආයතනවල සිදුවීම වැළැක්වීම සඳහා එම වාර්තා මඟින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වැඩසටහනක් රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•   ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම ජීවත්වීමට නිවසක් ලබා දීම

ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම ජීවත් වීමට නිවසක් හිමි විය යුතු වන බැවින්, සෑම ගෘහමූලිකයෙකු හටම තම ආරක්ෂාව සහ යහ පැවැත්ම උදෙසා නිවසක් මිලදී ගැනීම, ඉදිකිරීම හෝ කුලියට ගැනීම සඳහා සවිබල ගන්වමින් ඔහු හෝ ඇය හට පහසුකම් සැලැස්විය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•   පොදු ප්‍රවාහන ප්‍රමිතීන්ට අනුකූල බස් රථ පමණක් මෙරටට ගෙන්වීමට අදාළ නීති සකස් කිරීම

ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙන්ම පෞද්ගලික අංශයේ බස් රථ මගී ප්‍රවාහනය සඳහා සුදුසු තත්ත්වයක නොපවතින හෙයින්ද, එම බස් රථවලින් අති බහුතරයක් ලොරි චැසි මත ඉදිකරන ලද ඒවා වන හෙයින්ද, අනාගතයේදී රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයට බස් රථ ගෙන්වීමේදී මගී ප්‍රවාහනය සඳහා නිෂ්පාදිත, මගී සුවපහසුවට ගැලපෙන සහ පොදු ප්‍රවාහන ප්‍රමිතීන්ට අනුකූල බස් රථ පමණක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අදාළ නීති රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•   “සංවර්ධන ‍යෝජනා” නමින් ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ඉදිකර ඇති එහෙත් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා ලද සියලුම ගොඩනැගිලි මහජන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට කටයුතු කිරීම

විදේශ ආධාර ‍හෝ වි‍දේශ ණය මත හෝ මධ්‍යම රජ‍යේ හෝ පළාත් පාලන ආයතනවල මුදල් වියදම් කොට “සංවර්ධන යෝජනා” නමින් රට පුරා ගොඩනැගිලි ඉදිකර ඇති හෙයින් මේ දක්වා ඉදිකොට ඇති, එහෙත් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා එවැනි ගොඩනැගිලි මහජන ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයකට ගොඩනැංවීමට රජය විසින් සුදුසු තීරණ ගනු ලැබිය යුතු යැයි මෙ‍ම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්නයක් අසන ලදී:-

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1730 ට 2025 මැයි මස 20 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks