E   |     |  

2025 මැයි මස 20 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
2 : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
3 : එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාවල සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
4 : අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXXI කොටස;
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XXII කොටස;
•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LX කොටස; සහ
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLI හා XLII කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXIV කොටස


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව.
(ii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.
(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(iv)    2022 වර්ෂය සඳහා ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.
(v)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(vi)    2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 82 සහ 92 වගන්ති සමඟ කියවිය යුතු 156 වගන්තිය යටතේ  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ උපදෙස් මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 මාර්තු 20 දිනැති අංක 2428/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ක්‍රිෂාන්ත අබේසේන මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගම‍ගේ මහතා  -  පෙත්සම් දෙකයි
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය - පෙත්සම් දෙකයි
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ මහතා - පෙත්සම් හතරයි
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා                    
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන මහතා       

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
රට තුළ වෙඩි තැබීම්, ඝාතනයන් ඇතුළු අපරාධ වැඩිවීම.

ගරු මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
ගුරු බඳවා ගැනීම් සහ පුරප්පාඩු පිරවීමේ දී අක්‍රමිකතා

ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.

 

අමාත්‍යාංශ නිවේදන

(i)    රජයේ පාසල්වල අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ඇති ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය අමාත්‍යාංශ නිවේදනයක් කළාය.

(ii)    උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් ගැටළු සම්බන්ධයෙන් 2025.05.08 දින ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය,  ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

(iii)    කැනඩාවේ විවෘත කරන ලද දෙමළ ජන සංහාර ස්මාරකය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳව ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“යාපනය, මුලතිව් සහ මන්නාරම ප්‍රදේශවල ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධ ගැසට් නිවේදනය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා විසින් යෝජනා කරන ලදී.



අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1800 ට 2025 මැයි මස 21 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks