E   |     |  

2025 මැයි මස 21 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කරන ලද ප්‍රශ්න සම්බන්ධයෙන්


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩයේ ─


(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලේ කාර්ය සාධනය ඇගයීම සම්බන්ධ වාර්තාව.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශනය.
(ii)    2016, 2017, 2018, 2019 සහ 2020 වර්ෂ සඳහා සීමාසහිත ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තා.
(iii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(iv)    2023/2024 වර්ෂය සඳහා සී/ස ලංකා පොස්පේට් සමාග‍මේ වාර්ෂික වාර්තාව.
(v)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාවේ වාර්ෂික වාර්තාව.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතා  -  පෙත්සම් තුනයි
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්මකුමාර මහතා  -  පෙත්සම් හතරයි
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා                   
(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා  -  පෙත්සම් දෙකයි
(vii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හසාරා ලියනගේ මහත්මිය             

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු රවී කරුණානායක මහතා
මෑත කාලීන විදුලි බිඳවැටීම් සහ සූර්ය බලශක්ති ගැටළු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    මුදල් පනත යටතේ නියෝගය
(ii)    මුදල් පනත යටතේ නිවේදනය

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය
(ii)    ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1703 ට 2025 මැයි මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks