පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
2 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
3 : “ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
4 : දසවැනි පාර්ලිමේන්තුව සඳහා “තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ” සමාරම්භක රැස්වීම
5 : පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 මාර්තු 27 දිනැති අංක 2429/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
(ii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 අප්‍රේල් 29 දිනැති අංක 2434/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.
(iii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 මැයි 05 දිනැති අංක 2435/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.
(iv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24අ (1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතාවේද සහ ප්‍රතිශක්තිවේද ආයතනය ස්ථාපිත කිරීම සහ එකී ආයතනයට එම නාමය සහ අභිධානය පවරාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් සාදන ලදුව, 2025 පෙබරවාරි 20 දිනැති අංක 2424/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(v) 2025 අංක 3 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2025.03.28 සිට 2025.04.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.
(vi) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(vii) 2022/2023 වර්ෂය සඳහා බී සී සී ලංකා ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.
(viii) 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 3 වගන්තිය සමඟ කියවිය යුතු 34 වගන්තිය යටතේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 අප්‍රේල් 03 දිනැති අංක 2430/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(ix) 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනතේ 2(1) වගන්තිය යටතේ සහ 1(2) වගන්තිය යටතේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 මාර්තු 28 දිනැති අංක 2429/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ජනක සේනාරත්න මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දෙගේ මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
දේශීය සීනි නිෂ්පාදනය සහ ආනයනය
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
කිලිනොච්චියේ සිලෝන් ජර්මන් ටෙක් ආයතනයේ සම්පත් හිඟතා සහ අනෙකුත් ගැටළු
ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.
අමාත්‍යාංශ නිවේදන
(i) G2G ගිවිසුම යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් 2025.05.09 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
(ii) ලුණු නිෂ්පාදනය සහ අලිමංකඩ ලුණු ලේවාය සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් 2025.05.23 දින ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය, ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
(iii) IMF ගිවිසුම සහ විදේශ ණය ආපසු ගෙවීම පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් 2025.05.23 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඔහුට එරෙහිව කරන ලද චෝදනාව
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -
(i) සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) - 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම සඳහා
(ii) සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) - 2016 අංක 4 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනත සංශෝධනය කිරීම සඳහා
(iii) සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) - 2005 අංක 36 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා පනත සංශෝධනය කිරීම සඳහා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)
විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ගංවතුර තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා සංවිධානයක් පිහිටුවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2025 ජුනි මස 4 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks