බලන්න

E   |     |  

2025 ඔක්තෝබර් මස 09 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ගරු නලින් හේවගේ, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. සරත් මහතා - පෙත්සම් දෙකයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා            
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා              
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා                    
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා  

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ නාරිවේද අංශය අක්‍රිය වීම

ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 

(ii)    ගරු එම්. ඒ. එම්. තාහිර් මහතා
ශ්‍රී ලංකාවේ විවාහ ලියාපදිංචිය පිළිබඳ නීති සහ චක්‍රලේඛවල ඇති ප්‍රතිවිරෝධතා

ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

(i)    ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරී රාමුව සම්බන්ධයෙන් 2025.06.20 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.

(ii)    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෑතකදී ඉදිරිපත් වූ යෝජනාව සහ රජයේ නිල ස්ථාවරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය, ගරු විජිත හේරත් මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

(iii)    උතුරු සහ නැගෙනහිර පළාත්වල නීති විරෝධී ධීවර කටයුතු සම්බන්ධයෙන් 2025.09.11 දින ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් 2025 ඔක්තෝබර් 8 වන දින ගරු අග්‍රාමාත්‍යතුමියගෙන් අසන ලද ප්‍රශ්නය

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ

“සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් පිළිගන්වන ලදී.

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 ජූලි 22 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී. 


කල් තැබීමේ යෝජනාව

“ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති නමුත් තවමත් ඉටු කර නොමැති කරුණු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1802 ට 2025 ඔක්තෝබර් මස 10 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks