පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : “ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම” සංකේතවත් කරමින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදා හැරීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XVI හා XVII කොටස්, තෙවැනි කාණ්ඩයේ XIV කොටස සහ නවවැනි කාණ්ඩයේ VIII කොටස.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(ii) 2023 වර්ෂය සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(iii) 2023 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව.
(iv) 2024 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව.
(v) 2024 වර්ෂය සිව්වන කාර්තුව සහ 2025 වර්ෂය පළමු හා දෙවන කාර්තු සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තා.
(vi) (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 32 වගන්තිය යටතේ මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ අධිභාරය අය කිරීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් 2025 සැප්තැම්බර් 05 දින පනවන ලද රීති.
(vii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 අගෝස්තු 25 දිනැති අංක 2451/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(viii) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය මත, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජූලි 14 දිනැති අංක 2445/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(ix) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය මත, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජූලි 14 දිනැති අංක 2445/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(x) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය මත, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජූලි 14 දිනැති අංක 2445/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xi) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය මත, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජූලි 14 දිනැති අංක 2445/05 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xii) 2024 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xiii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ජනක සේනාරත්න මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රිස්වි සාලි මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනෙවිය
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා
(v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා
(vi) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා
(vii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ගැටළු
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු කේ. කාදර් මස්තාන් මහතා
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවාවන් වැඩිදියුණු කිරීම
ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
(i) ගුරු බඳවා ගැනීමේ ගැටළු සහ වෛද්‍ය සිසුන් මුහුණ දෙන දුෂ්කරතා සහ අධ්‍යාපන අංශයේ අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් 2025.09.12 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.
(ii) වී සහ සහල් මිල පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් 2025.09.11 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය, ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
(iii) ශුද්ධ වූ කුරානයේ දෙමළ පරිවර්තනයක් අඩංගු බහාලුමක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගැනීම සම්බන්ධයෙන් 2025.08.20 දින ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත සංශෝධනය කිරීම පිණිස වූ
“ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් පිළිගන්වන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග
(ii) පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත – සංශෝධන සහිතව
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“දේශගුණික අවදානම් සංසදය සඳහා ශ්‍රී ලංකාවේ කාර්යාලයක් පිහිටුවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1753 ට 2025 ඔක්තෝබර් මස 22 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks