පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025 ජනවාරි මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
2025 පෙබරවාරි මස 04 වැනි අඟහරුවාදා |
|
පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය) | |
2025 පෙබරවාරි මස 05 වැනි බදාදා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 | අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි) |
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි) |
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
පෙ.ව. 11.30 සිට ප.ව. 3.30 | (i) විදේශ විනිමය පනත යටතේ නියමය (ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් (ඉහත (i) සහ (ii) අයිතමයන් 2025.01.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2025.01.24 දින නිකුත් වීමට නියමිත අංක 1(6) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත) |
ප.ව. 3.30 සිට ප.ව. 5.30 | ආණ්ඩු පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කල් තැබීමේ විවාදය |
2025 පෙබරවාරි මස 06 වැනි බ්‍රහස්පතින්දා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 | බුද්ධිමය දේපළ පනත යටතේ නියෝග (මෙම රෙගුලාසි 2025.01.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2025.01.24 දින නිකුත් වීමට නියමිත අංක 1(6) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත) |
ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි) |
2025 පෙබරවාරි මස 07 වැනි සිකුරාදා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 |
ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා — |
ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
සැ.යු.: “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය 2025 පෙබරවාරි මස 5 වන බදාදාට පෙර ගරු කථානායකතුමා වෙත ලැබුණහොත්, දැනට නියමිත කටයුතුවලට අමතරව, 2025.01.10 දිනැති අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2025.01.24 දිනට නියමිත, අයිතම අංක 2 වශයෙන් සඳහන් වන, එකී පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම, 2025 පෙබරවාරි මස 6 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට ද කාරක සභාව එකඟ විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks