E   |     |  

2025 පෙබරවාරි මස 14 සහ 17 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු


2025 පෙබරවාරි මස 10 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 පෙබරවාරි මස 14 වැනි සිකුරාදා දින සභාවේ කටයුතු සහ 2025 පෙබරවාරි මස 17 වැනි සඳුදා දින සංශෝධිත සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 පෙබරවාරි මස 14 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
(පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිබඳ නිවේදනය.)

ප්‍රධාන වැඩකටයුතු ආරම්භ‌යේදී යෝජනා
 

2025 පෙබරවාරි මස 17 වැනි සඳුදා

පෙ.ව. 10.30 සිට අයවැය කථාව
(විසර්ජන පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම)
ගරු මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා

(2025.02.07 දින අංක 18 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 29 බලන්න)

* අයවැය කථාව අවසන් වූ වහාම ප.ව. 2.00 දක්වා රැස්වීම තාවකාලිකව අත්හිටුවීම
ප.ව. 2.00 සිට ප.ව. 7.00 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.02.07 දින අංක 18 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 30 බලන්න)
 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks