07

E   |     |  

2024-04-04

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

නව තානාපතිවරයන් 04ක් අමාත්‍යාංශ ලේකම්වරයන් 02ක් සහ ආයතන සභාපතිවරයන් 02ක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය

නව තානාපතිවරයන් සිව්දෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරයන් දෙදෙනෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ  උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

ඒ අනුව වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඩබ්.ඒ.යූ.පී. පෙරේරා මහතා පත් කිරීමට සහ පෝලන්ත සමුහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ටී.පී. ධර්මසේන මහත්මිය පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

එමෙන්ම තායිලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ඊ.ඒ.එස්.ඩබ්. එදිරිසිංහ මහත්මිය සහ මියන්මාර් මහජන සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පී.ඒ.පී. පොන්නම්පෙරුම මහත්මිය පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබේ.

එයට අමතරව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස (ඉංජිනේරු) ආර්.ජී. රූබසිංහ මහතා පත් කිරීමට සහ ධීවර අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස කේ.එන්.කේ. සෝමරත්න මෙනවිය පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

තවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එස්.එම්.ඩී.එල්.කේ. ද අල්විස් මහතා පත් කිරීමට සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට අමාත්‍ය ගරු ඩග්ලස් දේවාන්නද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු ජෝන් සෙනවිරත්න, ගරු රිෂාඩ් බදියුදීන්, ගරු (නීතිඥ) තලතා අතුකෝරළ, ගරු උදය ගම්මන්පිල සහ (විශේෂඥ වෛද්‍ය) ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

 

 



සම්බන්ධිත පුවත්

2024-09-09

ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග...


2024-09-06

2024 යල කන්නයේදී පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වැන්නෙහි අස්වනු සමීක්ෂණ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික...

පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වනු සමීක්ෂණය කිරීමේ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය...


2024-08-22

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ වාර්තාව කථානායකවරයාට පිළිගන්වයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ පර්යේෂණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය...


2024-08-16

ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව සුර්යබල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මැදිහත් වෙයි

ඉදිකිරීම් ප්‍රමාදයෙන් දිනක පාඩුව රුපියල් මිලියන 19ක් - සුනිත්‍ය බලශක්ති අධිකාරිය කාරක සභාවට දන්වයි. විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දෙන අතිරේක...






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks