07

E   |     |  

2024-04-08

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ගරු තාරක බාලසූරිය මහතා තේරී පත්වෙයි

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මහතා ඒකමතිකව තේරී පත් විය. ඒ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා (අප්‍රේල් 01) පාර්ලිමේන්තුවේදී  පැවති අවස්ථාවේදීය.

රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මහතා විසින් ගරු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ නම යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සී.බී. රත්නායක මහතා විසින් එම යෝජනාව ස්ථිර කරන ලදී.

පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේදී ද මෙම කාරක සභාවේ සභාපතිත්වය රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මහතා විසින් දරනු ලැබීය. ආර්ථීක ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ විෂය පථය,  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විෂය පථය හා සමාන වන බව පෙන්වා දුන් සභාපතිවරයා එම විෂය පථයන් වෙනස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. තවද ආර්ථිකය පිළිබඳ  සියලු අංශ ආවරණය වන පරිදි කාරක සභාවේ  විෂය පථය පුළුල් කළ යුතු බවද යෝජනා කළේය.

කෙසේ වෙතත් එම විෂය පථයන් වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බැවින් කාරක සභා සාමාජිකයින්ට සහ අදාළ පාර්ශ්ව වලට එහි  සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කළ හැකි බව  කාරක සභා  සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ඉදිරි දිනක මේ සම්බන්ධයෙන්  විශේෂ රැස්වීමක් පැවැත්වීමට කාරක සභාව තීරණය කාරක ලදී.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එස්.එම්. චන්ද්‍රසේන, ගරු මනෝ ගනේෂන්, ගරු සී.බී. රත්නායක, ගරු සිවඥානම් ශ්‍රීතරන්, ගරු හෙක්ටර් අප්පුහාමි, ගරු (ආචාර්ය) නාලක ගොඩඩහේවා, ගරු අකිල එල්ලාවල යන මහත්වරුන් සහභාගී වුහ.

 

1 2



සම්බන්ධිත පුවත්

2024-09-09

ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග...


2024-09-06

2024 යල කන්නයේදී පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වැන්නෙහි අස්වනු සමීක්ෂණ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික...

පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වනු සමීක්ෂණය කිරීමේ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය...


2024-08-22

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ වාර්තාව කථානායකවරයාට පිළිගන්වයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ පර්යේෂණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය...


2024-08-16

ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව සුර්යබල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මැදිහත් වෙයි

ඉදිකිරීම් ප්‍රමාදයෙන් දිනක පාඩුව රුපියල් මිලියන 19ක් - සුනිත්‍ය බලශක්ති අධිකාරිය කාරක සභාවට දන්වයි. විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දෙන අතිරේක...






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks