E   |     |  

සංසදය තුළ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් 12 දෙනාට පැවරී ඇති බලතල එනම්, ව්‍යවස්ථා සම්පාදන කටයුතු, අධීක්ෂණ කටයුතු සහ නියෝජනය කිරීමේ භූමිකා නිසි පරිදි සාක්ෂාත් කර ගැනීම උදෙසා සංඛ්‍යාත්මකව කුඩා ප්‍රමාණයක් සිටිනු ලැබීමේ තත්ත්වයක් මධ්‍යයේ වුවද, කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකත්වය සතු සාමූහික සහ පුද්ගලික බලතල ඒකාබද්ධ කරනු ලබන බවට සහතික කිරීම අපගේ එක් ප්‍රධාන අභිමතාර්ථයක් වෙයි.

සංසදයේ සියලු සාමාජිකයන් විසින් අනුමත කරන ලද අපගේ යොමු කිරීම් අනුදේශ මත පදනම්ව, කාන්තාවන් සහ නිසි නියෝජනයක් නොමැති කණ්ඩායම් සඳහා සැලකිය යුතු සමානාත්මතාවයක් උදා කිරීමට හැකි වෙතැයි අප විසින් අපේක්ෂා කරනු ලබන පුළුල් වැඩ ක්ෂේත්‍ර කිහිපයක් අප විසින් ස්ථාපිත කොට ගෙන ඇත්තෙමු. කෙසේ වුවද, කාන්තාවන් සහ අවදානම් පාත්‍රතාවයේ සිටින ජනතාව උදෙසා බලපෑමක් ඇති කළ හැකි අනපේක්ෂිත සහ හදිසියේ ඉස්මතු වන ඕනෑම ගැටලුවක් අප හට සෑම විටම ආමන්ත්‍රණය කිරීමට හැකියාව පවතින බව සහතික කිරීම උදෙසා, අපගේ වැඩසටහන් තුළ නම්‍යශීලීභාවය ඇති කර ගැනීමේ හැකියාව වෙනුවෙන් සංසදය වශයෙන් අප තුළ පවත්නා අවබෝධය ඔස්සේ අපට කටයුතු කිරීමට හැකියාව පවතී.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය

ප්‍රධාන ප්‍රතිඵල ක්ෂේත්‍ර කිහිපයක්

ප්‍රතිපත්ති උද්දේශන වැඩකටයුතු

  • ශ්‍රී ලංකාව සඳහා ප්‍රබල සහ පුළුල්ව පවත්නා කාන්තා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් උද්දේශනය කිරීම සහ බලපෑම් කිරීම හා ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය සමග ක්‍රමෝපායිකව ගැලපීම (කාන්තා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රතිපත්ති කෙටුම්පතක් මේ වන විටත් පවතින අතර එය වැඩිදුරටත් ශක්තිමත් කළ හැකිය).
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමාජීය අන්තර්කරණය පිලිබඳ කාරණා සියලු ප්‍රතිපත්ති තුළ ඇතුලත් කරනු ලබන බවට සහතික කිරීම උදෙසා උද්දේශනය කිරීම හා අන්තර්කරණය සහතික කිරීම වෙනුවෙන් ජනතාව සමග සාකච්ඡා පැවැත්වීම හා සාක්ෂිපාදක ප්‍රතිපත්ති සම්පාදනය උදෙසා අවකාශය සලසා දීම.
  • ප්‍රතිපත්ති සමාලෝචනය සහ නීති ප්‍රතිසංස්කරණ දියත් කිරීම් සදහා යෝග්‍ය වන පරිදි ව්‍යවස්ථා සම්පාදන වැඩ කටයුතු නිසි පරිදි සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් තාක්ෂණික ප්‍රවීණයින්ගේ කමිටු ස්ථාපිත කිරීම.
  • ප්‍රතිපත්තිය අනුමත කරනු ලබන බව හෝ යෝග්‍ය පරිදි සංශෝධනය කරනු ලබන බව සහතික කිරීම උදෙසා ප්‍රතිපත්ති සම්පාදන චක්‍රය පුරාවට විධායකය සහ අනෙකුත් යෝග්‍ය නියෝජිත ආයතන සමග පසුවිපරම් කටයුතු සිදු කිරීම.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් ප්‍රතිචාර දක්වන සැලසුම්කරණය සහ අයවැයකරණය

  • ජාතික මට්ටම තුළ අන්තර්කරණයෙන් යුතු සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් ප්‍රතිචාර දක්වන ආංශික සැලසුම්කරණය, අයවැයකරණය සහ කාර්ය සාධන අධීක්ෂණ ක්‍රියාවලිය වෙනුවෙන් උද්දේශනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම හා අනෙකුත් මට්ටම් වෙත ද එහි බලපෑම කාන්දු විය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම
  • තිරසර සංවර්ධන ඉලක්ක අංක 5 සහ අනෙකුත් සියලු අංශයන් කෙරෙහි බලපාන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ඉලක්ක සහ දර්ශක කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් තිරසර සංවර්ධන ඉලක්ක 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳව නායකත්වය ගැනීම.
  • විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීමට ප්‍රථම, වාර්ෂික ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා ප්‍රකාශනය නිර්මාණය කිරීම කෙරෙහි අවශ්‍ය පියවර ගැනීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා ප්‍රකාශනය යටතේ හඳුනාගනු ලැබූ වැඩි බලපෑමක් සිදු කළ යුතු ක්ෂේත්‍ර වලට අනුකූලව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් ප්‍රතිචාර දක්වනසුළු සැලසුම්කරණයක් සහ අයවැය කරණයක් සහතික කිරීම උදෙසා අදාල අංශ සමග බලපෑම් කිරීම.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙහි ආයතනික යාන්ත්‍රණය තිරසාර වූ ව්‍යුහයකින් සහ සම්පත්වලින් ශක්තිමත් කිරීම. එමඟින්, සාකච්ඡාලදී සහ තීරණ ගැනීමේදී කාන්තා නියෝජනය ලැබෙන බවත් කාන්තා සහ සමාජ අන්තර්ග්‍රහණ ගැටලුවලට අවධානය යොමුවන බවත් තහවුරු කරනු පිණිස ආංශික අධීක්ෂණ කමිටු, තේරීම් කාරක සභා, මහජන පෙත්සම් කාරක සභාව හෝ වෙනත් සෑම විශේෂිත කාරක සභාවකමදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙහි සාමජියකයින් සම්බන්ධ කර ගැනිම.
  • කාන්තා දේශපලන ‍ සහභාගීත්වය වැඩිකරනු පිණිස ක්‍රියාශීලී සහ උපායමාර්ගික මැදිහත්වීම සහ කෝටා ක්‍රමයක් හරහා කාන්තාවන් වැඩි ප්‍රමාණයක් ප්‍රධාන ධාරාවේ දේශපාලනයට ගෙන ඒම සහ දේශපාලන පක්ෂ ක්‍රමය තුළ ඒ සඳහා පෙළඹවීම් සිදු කිරීම.

ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය/ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යන ගැටළු ප්‍රමුඛ කාරණයක් ලෙස ආමන්ත්‍රණය කිරීම:

  • ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධි නිරන්තර අධීක්ෂණය කිරීම හරහා ශ්‍රී ලංකාවේ ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳව ආමන්ත්‍රණය කිරීමේ තිරසාර උත්සාහයන් දැරීම, ශ්‍රී ලංකාව තුළ ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන් තුරන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ඵලදායී සංවාදයක් ඇති කිරීම, ශ්‍රී ලංකාවේ ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ ආමන්ත්‍රණය කරන්නා වූ විවිධ ප්‍රතිපත්ති ආංශික අමාත්‍යාංශ, පුද්ගලික අංශය සහ සිවිල් සමාජය හරහා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම.

අප තේරී පත් වූ දා සිට සංසදයක් ලෙස සිදු කරන ලද විශේෂිත කාර්යයන් වන්නේ:

විශේෂයෙන්ම මහජන නඩු විභාග හෝ ඒ හා සමාන වේදිකාවන් හරහා පාර්ලිමේන්තුවට ගෙන එන කාන්තා ගැටළු විසඳීම සඳහා විශේෂ කාරක සභා පිහිටුවීම සඳහා ද අප විසින් සංසදයක් ලෙස පෙනී සිටීමට කටයුතු කරන ලදී.

විවිධ ක්ෂේත්‍රයන්හී වින්දිතයන්ගේ හඬට සවන් දෙන මහජන නඩු විභාග දෙකකට අපි සහභාගී වී ඇත්තෙමු. රැකියා ස්ථානයේ ලිංගික සූරාකෑම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් සහ රැකියා ස්ථානයේ ප්‍රචණ්ඩත්වය සහ ලිංගික හිංසනය පිටු දැකීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 190 සම්මුතිය අනුමත කිරීම සහතික කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් පිළිබඳව ඔවුන් විසින් අප සමඟ ඉතා විවෘතව සාකච්ඡා කළහ.

එමෙන්ම, ඉඩම් ගැටළු පිළිබඳ පුළුල් පර්යේෂණ සිදු කර ඇති පාර්ශවකරුවන්ගෙන් සහ ඉඩම් ගැටළු වලින් පීඩාවට පත් කාන්තාවන් විසින් සෘජුවම ඉදිරිපත් වූ නඩු විභාගයකට ද අප විසින් සහභාගී වී ඇත. මෙම කාන්තාවන් සහ ඔවුන්ගේ දිළිඳු පවුල් සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් පෙනී සිටීම සඳහා සම්පූර්ණ සාක්ෂි ලැබුණු පසු මෙම ගැටළු ඊට සුදුසු උපදේශක කාරක සභාවන් වෙත යොමු කිරීමටද අපි අපේක්ෂා කරමු.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks