07

E   |     |  


ප්‍රියාණි වි‌ජේ‌සේකර මහත්මිය (වැඩබලන මහ‌ ලේකම්)

ප්‍රියාණි වි‌ජේ‌සේකර මහත්මිය (වැඩබලන මහ‌ ලේකම්)

ප්‍රියානි විජේසේකර මහත්මිය හැදී වැඩුණේ උගත් පවුල් පසුබිමකය. ප්‍රියානි මැතිනිය පාසලේදී අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් හැදෑරු අතර විශාඛා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීය. ඉන්පසුව ඇය කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් වී නීතිය පිළිබඳව හදාරන ලදී. ඇය ඉතා මහන්සි වී කටයුතු කොට නීතිවේදී උපාධියක් (එල්එල්බී) සහ නීතිය පිළිබඳ පශ්චාත් උපාධියක් (එල්එල්එම්) ලබා ගත්තාය.

ප්‍රියානි විජේසේකර මහත්මිය දක්ෂතා දැක්වූයේ අධ්‍යාපනය සඳහා පමණක් නොවේ. ඇය කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම වෙනුවෙන් දැල්පන්දු ක්‍රීඩා කළාය. ඇය ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයට උපන් හපන්කම් දක්වන්නියක් විය.

ඇයගේ රැකියා ජීවිතය අල්ලස් කොමිෂන් සභාවෙන් ඇරඹුණු අතර එහිදී ඇයට නීතිය පිළිබඳව විශාල වශයෙන් හැදෑරීමට හැකි විය. 1985 වසරේදී ඇය නීති කොමිෂන් සභාවේ ලේකම්වරිය වශයෙන් සේවය කිරීම ඇරඹුවාය. මෙය රජය වෙනුවෙන් ඇය සිදුකළ ඉතා වැදගත් කාර්යභාරයේ ආරම්භය විය.

1994 සිට 2002 දක්වා කාල වකවානුව තුළ ප්‍රියානි විජේසේකර මහත්මිය පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරිය වශයෙන් කටයුතු කළාය. ඇය ඇගේ කාර්යය ඉතා මැනවින් ඉටු කළ අතර විශිෂ්ඨ නායකත්වයක්ද පෙන්නුම් කළාය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් තනතුරට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව බවට පත් වෙමින් ඇය ඇගේ සුවිසල්ම ජයග්‍රහණය අත්පත් කර ගත්තාය. එසේම එවන් තනතුරකට පත් වූ පළමු ආසියානු කාන්තාව වූයේද ඇයයි.

ඉතා විශිෂ්ඨ ජයග්‍රහණ අත්පත් කරගනු ලබන කාන්තාවන් අගය කිරීමට ලක් කරනු ලබන සොන්ටා ත්‍යාගය (Zonta Award) 2006 වසරේදී ඇයට ලැබුණි. එසේම නීතිය සම්බන්ධයෙන් දක්වන ලද දායකත්වයන් වෙනුවෙන් සහ කාන්තාවන්ට සහාය සැලසීමේ තම ප්‍රයත්නයන් හේතුවෙන් ප්‍රියානි විජේසේකර මහත්මිය ගෞරවාදරයට පාත්‍රවිය.

2008 වසරේ විශ්‍රාම යාමෙන් අනතුරුව ප්‍රියානි විජේසේකර මහත්මිය සීෂෙල්ස් පාර්ලිමේන්තුවේ කටයතුවලට සහාය දක්වන ලදී. පාර්ලිමේන්තුවක් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිලිබඳ නීති සකස් කිරීමට ඇය ඉතා දක්ෂ විය.

2015 වසරේ දී ඇය ඔස්ට්‍රියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය බවටත්, වියානා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය බවටත් පත් වූවාය.

මේ වන විට ප්‍රියානි විජේසේකර මහත්මිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට අදාළ කටයුතු පිළිබඳව සහාය දක්වනු ලැබේ. රට වෙනුවෙන් යහපත් තීරණ ගැනීමට සහාය වීම වෙනුවෙන්ද ඇය ඇගේ සියලු දැනුම සහ අත්දැකීම් භාවිතා කරයි.

රජයයන් සහ පාර්ලිමේන්තුවල ක්‍රියාකාරිත්වය පිලිබඳව ග්‍රන්ථ දෙකක් ප්‍රියානි මැතිනිය විසින් ලියා ඇත. “මීළඟ සහශ්‍රයේ රජයයන් සහ පාර්ලිමේන්තු” නමැති පළමු ග්‍රන්ථය 1999 වසරේදී පල කරන ලදී. දෙවැනි ග්‍රන්ථය හැඳින්වූයේ ‘ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයන්’ යනුවෙනි.

මහන්සි වී වැඩ කිරිම සහ දැඩි අධිෂ්ඨානය තුළින් ඕනෑම අයෙකුට විශාල වෙනසක් සිදු කළ හැකි බව පෙන්වන ඇගේ චරිතය බොහොමයක් පුද්ගලයන් හට ඉමහත් වූ පෙළඹවීමක් ඇති කරයි. ඇයගේ මෙම කීර්තිමත් කතාන්දරය ඉදිරි වර්ෂ ගණනාවක් පුරාද නොනැසී පවතිනු ඇත.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks