07

E   |     |  


ධම්මික කිතුල්‌ගොඩ මහතා (මහ ‌ලේකම්)

ධම්මික කිතුල්‌ගොඩ මහතා (මහ ‌ලේකම්)

ශ්‍රී ලංකාවේ අධිකරණ සහ පාර්ලිමේන්තු ක්‍ෂේත්‍රයේ කීර්තිමත් චරිතයක් වන ධම්මික කිතුල්ගොඩ මහතා දශක ගණනාවක් පුරා දිවෙන සිය කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළින් නොමැකෙන සලකුණක් තබා ඇත. මාතර රාහුල විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු එතුමා ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීති අධ්‍යාපනය හැදෑරීය.

කිතුල්ගොඩ මහතා සිය අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු 1975 වසරේ මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීමත් සමඟ අධිකරණ සේවයේ කීර්තිමත් වෘත්තියකට එළැඹිණි. පසුව එතුමා දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරමින් 1985 දි ගෞරවනීය දිසා විනිසුරු තනතුරට පත් විය. එතුමා සතු සුවිශේෂී දක්ෂතාවට සහ නීති වෘත්තිය කෙරෙහි වූ කැපවීම, එතුමා වයස අවුරුදු 28 දී ලාබාලතම මහේස්ත්‍රාත්වරයා ලෙස ඉතිහාසයට එක්වීම විශේෂ සාක්ෂියක් ලෙස දැක්විය හැකිය. 1998 දී එතුමා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ලෙස පත් කරන ලදී.

2002 දක්වා දශකයක් පුරා කිතුල්ගොඩ මහතා විසින් විශිෂ්ට ලෙස දරනු ලබන පාර්ලිමේන්තු මහලේකම් ධූරයට එතුමා 1999 දී පත්වීමත් සමඟම එතුමාගේ ගමන්මග සැලකිය යුතු හැරවුමකට යොමු විය. පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීම සඳහා වූ එතුමාගේ ධුර කාලය තුළ වූ විශේෂ ලක්ෂණ වූයේ නොසැලෙන අවංකභාවය, විචක්ෂණශීලී නායකත්වය, සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම සඳහා වූ ස්ථීර කැපවීම යි.

කිතුල්ගොඩ මහතා පාර්ලිමේන්තු මහලේකම් ධුරයෙන් ඉවත් වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙසත් පාර්ලිමේන්තු සභාවේ ලේකම්වරයා ලෙසත් කටයුතු කළේය. එතුමා නැවත වරක් 2012 දක්වා පාර්ලිමේන්තු මහලේකම් ධූරයට පත් වීමට පෙර 2008 සිට 2010 දක්වා වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් ලෙස කටයුතු කළේ ය.

කිතුල්ගොඩ මහතාගේ දායකත්වය එතුමාගේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය ඉක්මවා යාම කැපී පෙනෙන කරුණකි. නීතිය සහ පාලනය යන ක්ෂේත්‍ර සියුම් ලෙසින් සම්බන්ධ කරමින් මහලේකම් තනතුරට පත් වූ ප්‍රථම අධිකරණ නිලධාරියා බවට එතුමා පත්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ පාර්ලිමේන්තු සභාවේ ලේකම්වරයා ලෙස එතුමාගේ ධුර කාලය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයේ පසුබිම හැඩගැස්වීමේදී එතුමාගේ ප්‍රධාන භූමිකාව තවදුරටත් අවධාරණය කරයි.

ධම්මික කිතුල්ගොඩ මහතා ලබා දී තිබෙන දායකත්වය යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන සුබසාධන මූලධර්ම කෙරෙහි නොසැලෙන කැපවීමක් සනිටුහන් වූ ආදර්ශමත් සේවාවකි. එතුමා නොපසුබස්නා උත්සාහය, අවංකබව, කැපවීම සහ නායකත්වයේ වටිනාකම් මූර්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ නීතිමය සහ පාර්ලිමේන්තු ආයතනවල නොමැකෙන සලකුණක් තබා තිබේ.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks