07

E   |     |  

සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව

සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව යටතේ ඇති අංශ

වගකීම් හා කාර්යයන් සහ කාර්යයන් සවිස්තරාත්මක ලෙස

වායු සමීකරණ පද්ධතිය, සෝපාන, සමීප රූප ආවේක්ෂණ කැමරා පද්ධතිය (CCTV), පුද්ගලික දුරකථන හුවමාරු පද්ධතිය සහ පාර්ලිමේන්තු සම්මන්ත්‍රණ ශබ්ද පද්ධතිය නඩත්තු කිරීම සහ සේවා කිරීම.

මාදිවෙල, පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙහි විදුලි පද්ධතිය සහ ජනක යන්ත්‍ර, ජයවඩනගම කාර්යය මණ්ඩල නිල නිවාස, සහ නුවරඑළිය “සෙන්පති මැදුර” නඩත්තු කිරීම සහ සේවා කිරීම.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි විදුලි සැපයුම හා සම්බන්ධ ප්‍රධාන / සුලු අලුත්වැඩියා කටයුතු ඉටු කිරිම.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි විවිධ ස්ථාන වලට නව ඍජු දුරකථන සබඳතා/ දිගු බෙදා වෙන් කිරීම.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි විවිධ ස්ථාන වලට ප්‍රධාන ඇන්ටනා රූපවාහිනී පද්ධති (MATV) සබඳතා සැපයීම.

සංඛ්‍යාංක (ඩිජිටල්) වීඩියෝ පද්ධතිය භාවිතා කරමින් පාර්ලිමේන්තු සභාවාර ආවරණය කිරීම,  ඩී.වී.ඩී. සහ වී. සී. ඩී. තැටිවල දත්ත ගබඩා කිරීම සහ ඒවා මාධ්‍යයට නිකුත් කිරීම සහ ඩී.වී.ඩී. තැටි සංරක්ෂණාගාරය පවත්වාගෙන යාම.

පාර්ලිමේන්තු සභා ගර්භයට, කාරක සභා කාමර වලට සහ විශේෂ අවස්ථාවන්ට කථා පරිවර්ථනය ඇතුලත්ව සම්මන්ත්‍රණ පහසුකම් සැලසීම.

 







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks