07

E   |     |  

ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව

සමගාමී කථා පරිවර්තනය 1957 දී ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයට පළමු වරට හඳුන්වා ‌දෙන ලද අතර, සිය ව්‍යවස්ථාදායකයට මේ පහසුකම හඳුන්වා දුන් ආසියානු කලාපයේ පළමු රට වූ‌යේ ද ශ්‍රී ලංකාවය. ආරම්භ‌යේ ‌මේ පහසුකම ලබා ‌දෙන ලද්‌දේ සිංහල සහ ‌දෙමළ කථා ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම සඳහා පමණි. ඉක්බිතිව එය තව දුරටත් පුළුල් කරන ලදුව දැන් ඉංග්‍රීසි, සිංහල හා ‌දෙමළ යන භාෂා තු‌නෙන් ම කථා පරිවර්තන කටයුතු සිදු කරනු ලැ‌‌බේ.

දැනට ශ්‍රි ලංකා පාර්ලිමේන්තු‌වේ භාෂා අංශ තු‌නේ ම (එනම්: සිංහල/‌දෙමළ/සිංහල, සිංහල/ඉංග්‍රීසි/සිංහල සහ ‌දෙමළ/ඉංග්‍රීසි/දෙමළ) කථා පරිවර්තක‌යෝ 24 දෙනෙක් සිටිති. කථා පරිවර්තන අංශ‌යේ ප්‍රධානියා වන්නේ ප්‍රධාන පාර්ලි‌මේන්තු කථා පරිවර්තක ය. මේ කාර්ය‌යේ සුවි‌ශේෂ ලක්ෂණය වන්නේ කථාවක් එ‌කෙ‌‌ණෙහි ම වෙනත් භාෂාවලට පෙරළා සමගාමීව ප්‍රචාරය කිරීම ය. පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරුන් කරන සියලු ම කථා අ‌නෙක් භාෂා ‌දෙකට ම එකවර පරිවර්තනය කරනු ලැ‌බේ. උදාහරණයක් වශයෙන්, මන්ත්‍රීවරයකු ඉංග්‍රීසි භාෂා‌වෙන් කථා කරන්‌නේ නම්, ඔහු‌ගේ/ඇය‌ගේ කථාව ක්ෂණිකව ම සිංහල භාෂාවට හා ‌දෙමළ භාෂාවට පරිවර්තනය ‌වේ.

සිංහල, ‌දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් තමා කැමති භාෂාවක්, ‌තෝරා ගෙන, හි‌සේ පළඳින ශ්‍රවණ උපකරණ‌යෙන් (‌හෙඩ් ‌ෆෝන්) ඊට සවන් දීමට මන්ත්‍රීවරුන්ට හැකිය. අවශ්‍ය භාෂා ධාරාව ‌තෝරා ගැනීම සඳහා පුවරුවක් (ස්විචයක්) සහ සවන් දීම සඳහා ශ්‍රවණ උපකරණ සභා ගර්භ‌යේ හැම ආසනයකට ම සපයා දී ති‌බේ. පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරුන් හැරුණු විට, මාධ්‍යවේදීහු, කථානායකතුමා‌ගේ කාර්ය මණ්ඩලය, පාර්ලි‌මේන්තු‌වේ විවිධ කාර්යාලවල නිලධාරීහු, කථානායක ගැලරි‌යේ සිටින අමුත්‌තෝ සහ ගැලරි‌යේ සිටින අමුත්තෝ ද කථා පරිවර්තන පහසුකම් භාවිත කරති. පුවත්පත් වාර්තාකරුවන්‌ගේ ගැලරි‌යේ සහ ‌වෙනත් ස්ථානවල ද ශ්‍රවණ උපකරණ (‌හෙඩ් ‌ෆෝන්) සපයනු ලැබ ඇත.

කථා කිරීමට සහ අ‌නෙකුත් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන ‌දෙය ඇසීමට අයිතියක් හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ම ති‌බෙන නිසා, සමගාමී කථා පරිවර්තනය පාර්ලි‌මේන්තු‌වේ අත්‍යවශ්‍ය ‌සේවයක් බවට පත් වි ති‌බේ. පාර්ලි‌මේන්තු‌වේ කැ‌රෙන කථා සහ අ‌නෙකුත් සාකච්ඡා අ‌නෙක් භාෂා ‌දෙකට සමගාමීව පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය විධි විධාන සැලසීම ගරු කථානායකතුමා‌ගේ වගකීම යැයි අංක 12 දරන ස්ථාවර නි‌යෝග‌යේ වි‌ශේෂිතව සඳහන් ‌වේ. අවශ්‍ය අවස්ථාවල දී හා අවශ්‍ය කථා පරිවර්තන උපකරණ සවි‌කොට ඇති අංක 1 ‌හෝ 2 දරන කාරක සභා කාමරවල පාර්ලි‌මේන්තු කාරක සභා රැස්වීම් පැවැත්‌වෙන අවස්ථාවල දී, කාරක සභා රැස්වීම්වලට ද කථා පරිවර්තකයින්‌ගේ ‌සේවය ලබා ගත හැකි‌ ‌වේ.



පාර්ලිමේන්තුවේ කථා පරිවර්තක කාර්යාලය

නම

ඩබ්.එම්.යූ. බණ්ඩාර

දුරකථනය

0372237848

ඊ-මේල් ලිපිනය

upali_b@parliament.lk





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks