07

E   |     |  

ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් කාර්යාංශය ක්‍රියාත්මක වන්නේ එහි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) වරයකු යටතේය.

පනත් කෙටුම්පත් කාර්යාංශයේ ප්‍රධාන කාර්යය වන්නේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සිට අවසාන පනත මුද්‍රණය කිරීමේ අදියර දක්වා කාර්යයන් ඉටු කිරීමයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පත් පහත සඳහන් පරිදි වර්ගීකරණය කළ හැකිය.

  1. රජයේ පනත් කෙටුම්පත්
  2. පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ පනත් කෙටුම්පත්

 

එම එක් එක් පනත් කෙටුම්පතක් නීතිගතවීමේ ක්‍රියාවලියේදී පහත සඳහන් අදියරයන්ට භාජන වන අතර එම සෑම අදියරයකටම අදාළ කර්තව්‍යයන් ඉටු කිරීම, සම්බන්ධීකරණය කිරීම හා වාර්තා කිරීම පනත් කෙටුම්පත් කාර්යංශය මගින් ඉටු කරනු ලබයි.

 

රජයේ පනත් කෙටුම්පතක් නීතිගතවීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අදියරයන් පහත පරිදි වේ.

  1. ගැසට් පත්‍රයේ පළකරන ලද පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම (පළමුවන වර කියැවීම)
  2. පනත් කෙටුම්පත මුද්‍රණය කිරීම
  3. පනත් කෙටුම්පත අදාළ ආංශික අධීක්ෂක කාරක සභාවේදී සලකා බැලීම
  4. දෙවැනි වර කියවීම
  5. කාරක සභා අවස්ථාව;
    1. පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව
    2. ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව
  6. තෙවැනි වර කියවීම
  7. කථානායකතුමාගේ සහතිකය සටහන් කිරීම
  8. අවසන් පනත මුද්‍රණය කරවීම

 

පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් නීතිගතවීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අදියරයන් පහත පරිදි වේ.

  1. ස්ථාවර නියෝග අනුව සපුරාලිය යුතු නියමයන්ට යටත්ව මහ ලේකම්වරයාට භාර දෙනු ලබන පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ මතය විමසීම සඳහා යොමු කිරීම
  2. නීතිපතිතුමාගේ මතය ලද පසු පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම
  3. පළමුවැනි වර කියැවීම (පනත ඉදිරිපත් කිරීම)
  4. පනත් කෙටුම්පත අමාත්‍ය වාර්තාව ලබා ගැනීම සඳහා අදාළ අමාත්‍යවරයා වෙත යොමු කිරීම
  5. දෙවැනිවර කියවීම
  6. කාරක සභා අවස්ථාව- ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේදී පනත් කෙටුම්පත සලකා බැලීම
  7. තෙවැනිවර කියැවීම
  8. කථානායකතුමාගේ සහතිකය සටහන් කිරීම
  9. අවසන් පනත මුද්‍රණය කරවීම

 

පනත් කෙටුම්පත් කාර්යංශයේ අනෙකුත් වගකීම්

  1. පනත් කෙටුම්පත් ලේඛනය සහ පනත් ලේඛනය නඩත්තු කිරීම
  2. පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ලබා දෙනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වාර ප්‍රකාශනයක් ලෙස මුද්‍රණය කිරීම
  3. පාර්ලිමේන්තු අන්ත:ජාලයේ පනත් කෙටුම්පත් කාර්යාලය යටතේ පනත් හා පනත් කෙටුම්පතවලට අදාළ සියලු තොරතුරු යාවත්කාලීන කිරීම







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks