කාරක සභා අවස්ථාවේ විවාදය නිමා කරමින්, 2017 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම සභාව විසින් අද සම්මත කරන ලදී.
නම් අනුව ඡන්ද විමසීමක් පවත්වන ලද අතර, එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 165 ක් ද, විරුද්ධව ඡන්ද 55 ක් ද ප්‍රකාශ විය.
ඒ අනුව, 2016 නොවැම්බර් මස 10 වැනි දින ආරම්භ වූ 2017 අයවැය කටයුතු අද දින නිමාවට පත්විය.