07

E   |     |  

පරිපාලන දෙපාර්තමේන්තුව

පාර්ලිමේන්තුවේ මහ ලේකම්ගේ පාලනය යටතේ පවතින සමස්ථ වාහන ඇණිය මෙහෙයවීම සහ නඩත්තු කිරීමට අදාළ සියලුම කටයුතු ඉටු කිරීම ප්‍රවාහන කාර්යාංශය මඟින් ඉටු කරනු ලබයි. ගරු කථානායකතුමාට, ගරු නියෝජ්‍ය කථානායකතුමාට සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමාට සපයා ඇති වාහන සහ පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය විසින් භාවිත කරනු ලබන බස් රථ සහ මෝටර් රථ මෙයට ඇතුළත් වේ.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා ප්‍රවාහන පහසුකම් සපයන බස් සේවාව මෙහෙයවීම ප්‍රවාහන කාර්යාංශයේ ප්‍රධාන කාර්ය භාරයක් වේ.  එයට අමතරව, පාර්ලිමේන්තුවේ විවිධ වූ ප්‍රවාහන අවශ්‍යතාවයන් ඉටු කර දීම සඳහා කාර්යක්ෂමව සහ ඵලදායී ප්‍රවාහන සේවාවක් සැපයීම සහතික කිරීම පිණිස පිරිවැය ඵලදායී, කාර්යක්ෂම වාහන ඇණියක් නඩත්තු කිරීම සහ මෙහෙයවීම ප්‍රවාහන කාර්යාංශයේ කාර්යය වේ.

ප්‍රවාහන කාර්යාංශය මඟින් මෙහෙයවන කටයුතු පහත පරිදි වේ.

  • වාහන මිල දී ගැනීම සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය කිරීම
  • වාහන වෙන් කිරීම
  • වාහන නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම
  • කාර්ය මණ්ඩල ප්‍රවාහනය
  • ආදායම් බලපත්‍ර, රක්ෂණ ආවරණ සහ අනෙකුත් ලිපිලේඛන ලබා ගැනීම
  • ගිවිසුම් සකස් කිරීම
  • වාහන කුලී පදනම මත ලබා ගැනීම
  • ධාවන සටහන් පවත්වා ගැනීම හා ඒවායේ භාරකාරත්වය
  • වාහන අලුත්වැඩියා කිරීමේ වැඩපළ පවත්වාගෙන යාම
  • පාර්ලිමේන්තුවේ ප්‍රවාහන කටයුතු වලට අදාළ අනෙකුත් රාජකාරී/ කාර්යයන්

 



ප්‍රවාහන කාර්යාංශය

නම

එස්.බී. කුළුගම්මන

දුරකථනය

0372054437

ඊ-මේල් ලිපිනය

senaka_k@parliament.lk





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks