07

E   |     |  

පරිපාලන දෙපාර්තමේන්තුව

නිසි පරිදි සිය කාර්යයන් ඉටු කිරීම සඳහා පොළඹවාලන ආකාරයෙන් තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් එම තනතුරු දරන බව සහතික කරනු වස් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලය කාර්යක්ෂමව හා ප්‍රතිඵලදායක බවට පත් කිරීමේ කාර්යය උදෙසා, බඳවා ගැනීම, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම, තෝරා ගැනීම, කාර්ය මණ්ඩලය යෙදවීම, දිරි ගැන්වීම යනාදිය හා සම්බන්ධ මානව සම්පත් ක්‍රියාකාරකම්වල අධීක්ෂණ තත්ත්වයේ පාලනය ආයතන කාර්යාංශය සපයයි.  තවද, සේවකයන්ට සාධාරණ ලෙස සැළකීම, සියලු තනතුරු වෙනුවෙන් දක්ෂ හා විභව කුසලතා සහිත සුදුසුකම්ලත් සේවක සංචිතයක් සහතික කිරීම සඳහා සේවකයන් වැඩි දියුණු කිරීම වැනි වගකීම් ද එහි කාර්යයන්ට ඇතුළත් වේ.

ආයතන කාර්යාංශය විසින් ඉටු කරනු ලබන කාර්යයන් පහත සඳහන් පරිදි වේ.

  • බඳවා ගැනීමේ පටිපාටිය අනුව කටයුතු කරමින් කාර්ය මණ්ඩල බඳවා ගැනීම.  (පුරප්පාඩු සඳහා දැන්වීම් පළ කිරීම, අයදුම්පත්‍ර ලේඛනගත කිරීම, ලිඛිත පරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම)
  • තනතුරු ඇති කිරීම සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව පවත්වාගෙන යාම.  (සෙන්පති මැදුරෙහි සහ ගරු කථානායකතුමාගේ නිල නිවසෙහි කාර්ය මණ්ඩලය ද ඇතුළත්ව)
  • කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවෙහි රැස්වීම්වල ලේකම් තනතුරෙහි ලේඛන කටයුතු ඉටු කිරීම.  (රැස්වීම් කැඳවීම, රැස්වීම් වාර්තා සහ ලිපිගොනු සටහන් සකස් කිරීම සහ  පවත්වා ගෙන යාම)
  • පාර්ලිමේන්තු ‍කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලිපිගොනු සහ අදාළ වෙනත් වාර්තා පවත්වාගෙන යාම.  (පත්වීම්, උසස්වීම්, විශ්‍රාම ගැනීම් ආදිය)
  • පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ වාර්ෂික වැටුප් වර්ධක ලබා දීම සහ මානව සම්පත් සම්බන්ධ වෙනත් කටයුතු.
  • ජයවඩනගම නිවාස යෝජනා ක්‍රමයේ කාර්ය මණ්ඩල නිල නිවාස වෙන් කර දීම සහ නඩත්තු කිරීම.
  • විශ්‍රාම ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ විශ්‍රාම වැටුප් ගණනය කිරීම.
  • අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු.
  • කාර්ය මණ්ඩලයට බස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සහ ඊ‍ට අදාළ කටයුතු.
  • කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ බඳවා ගැනීම සඳහා තෝරා ගත් පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක නිශ්කාෂණ වාර්තා ලබා ගැනීම.
  • සමස්ථ කාර්ය මණ්ඩලයේ පැමිණීම හා නිවාඩු වාර්තා පවත්වා ගෙන යාම.
  • කාර්ය මණ්ඩලය අතර විනය පවත්වා ගෙන යාම සහ විනය කඩ කරන්නන් සම්බන්ධයෙන් විනය ක්‍රියා පටිපාටි ක්‍රියාවෙහි යෙදවීම.  (චෝදනා පත්‍ර සකස් කිරීම, වැඩ තහනම් කි‍රීම, ප්‍රකාශ සටහන් කර ගැනීම, මූලික විමර්ශන සහ විධිමත් විමර්ශන පැවැත්වීම, විනය නියෝග ක්‍රියාත්මක කිරීම සහ එයට අදාළ වෙනත් කටයුතු)
  • වැටුප් ණය ලබා දීමේ කටයුතු (ආපදා ණය/ දේපළ ණය/ වාහන ණය)
  • පාර්ලිමේන්තු‍වේ පරිපාලනයට අදාළ පහත සඳහන් ආකාරයේ වෙනත් සියලුම කටයුතු :-
    • දුරකථන නාමාවලිය (අභ්‍යන්තර) යාවත්කාලීන කිරීම
    • මහ මැතිවරණ, ජනාධිපතිවරණ, පළාත් සභා මැතිවරණ සහ පළාත් පාලන  මැතිවරණවලට අදාළ ලිපි ගණුදෙනු කටයුතු.
    • තැපෑල මෙහෙයවීම.
    • නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම.
    • කාර්ය මණ්ඩල පුහුණු කිරීම්.  (දේශීය සහ විදේශීය)
  • ලේඛන භාරකරුගේ සහ ලේඛනාගාරයේ කටයුතු කළමනාකරණය කිරීම සහ අධීක්ෂණය කිරීම.
  • ලේඛන සැකසීමේ අංශය කළමනාකරණය සහ අධීක්ෂණය
  • විදේශ ශිෂ්‍යත්ව සම්බන්ධ කටයුතු මෙහෙයවීම.  ඉල්ලුම්පත් කැඳවීම, ලේඛනගත කිරීම, ඉදිරි කටයුතු සඳහා යොමු කිරීම, නාම යෝජනා සඳහා අනුමැතිය ලබා ගැනීම, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා අදාළ ආයතන වෙත ඉල්ලුම්පත්‍ර යොමු කිරීම, අදාළ ආධාර සපයන ආයතන වලින් අරමුදල් ලබා ගැනීම සඳහා අනුමැතිය ඉල්ලා සිටීම, මුදල් ගෙවීම, නිසි ආයතන වෙත අදාළ වාර්තා ඉදිරිපත් කිරීම.

 



ආයතන කාර්යාංශය

නම

ඩබ්.පී.එල්. ජයසිංහ

ඊ-මේල් ලිපිනය

lakshman_j@parliament.lk





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks