කාරක සභා අවස්ථාවේ විවාදය නිමා කරමින්, 2009 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම සභාව විසින් අද සම්මත කරන ලදී.
පැවැත්වූ ඡන්ද විමසීමේ දී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 126 ක් ද, විරුද්ධව ඡන්ද 84 ක් ද ප්‍රකාශ විය.
2008 නොවැම්බර් මස 06 වැනි දින ආරම්භ වූ 2009 අයවැය කටයුතු අද දින නිමාවට පත්විය.