07

E   |     |  

මුදල් සහ සැපයුම් දෙපාර්ත‌මේන්තුව

මෙම ආයතනයෙහි වඩාත්ම වැදගත් කාර්යය වන්නේ පාර්ලිමේන්තුවෙහි වාර්ෂික අය වැය සැකසීම සහ පාලනය කිරීමයි.  පාර්ලිමේන්තුවෙහි මුදල් හා ගිණුම් කාර්යාංශය පාර්ලිමේන්තුවෙහි කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යාම පහසු කරවීම පිණිස, ආයතනයෙහි ප්‍රධාන මූල්‍ය කටයුතු පවත්වා ගෙන යාමට අමතරව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවට සේවා සපයන්නන්ට සහ සැපයුම්කරුවන්ට මූල්‍යය සේවාවන් සපයයි.

මුදල් හා ගිණුම් අංශයෙහි වෙනත් කාර්යයන් 

  • අය වැය සැකසීම, වාර්ෂික වියදම් ඇස්තමේන්තු සැකසීම සහ අය වැය පාලනය.
  • වාර්ෂික විසර්ජන ගිණුම සැකසීම.
  • ආදායම් සහ ව්‍යවස්ථාපිත අඩුකිරීම් එකතු කිරීම.
  • මාසික ගිණුම් සහ වාර්තා භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම.
  • මාසික / වාර්ෂික ගිණුම් සහ වර්තා විගණකාධිපතිවරයාට ඉදිරිපත් කිරීම.
  • මාසික ගිණුම් සැසඳීම.
  • නිල බැංකු ගිණුම් පවත්වා ගෙන යාම.
  • පරිගණකගත රජයේ ඒකාබද්ධ ගිණුම් පද්ධතිය (CIGAS) භාවිතා කරමින් ප්‍රධාන ලෙජරය, වෙනත් ගිණුම් සහ මූල්‍ය වාර්තා පවත්වා ගෙන යාම.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් සහ දීමනා ගෙවීම.
  • හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවනට පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ගෙවීම.
  • කාර්ය මණ්ඩලයට වැටුප්, වේතන සහ දීමනා ගෙවීම.
  • කාර්ය මණ්ඩලයට ණය මුදල් ලබා දීම.
  • සැපයුම්කරුවන්ගේ  සැපයුම්කරුවන්ගේ ඉන්වොයිසි, බිල්පත් සහ උපයෝගීතා සේවා බිල්පත් ගෙවීම.
  • නිදහස් තැපැල් පහසුකම් හා සම්බන්ධ කටයුතු මෙහෙයවීම සහ තැපැල් මුද්‍රා යන්ත්‍රය නඩත්තු කිරීම.

 



මුදල් සහ ගිණුම් කාර්යාලය

නම

කේ.ඒ.අයි. සේනාරත්න

ඊ-මේල් ලිපිනය

indrani_s@parliament.lk





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks