07

E   |     |  

මුදල් සහ සැපයුම් දෙපාර්ත‌මේන්තුව

සැපයුම් අංශය, සේවා අංශය ලෙස වඩාත්ම හොඳින් හඳුන්වා දිය හැකි අතර එය ජාතික ප්‍රසම්පාදන ඒජන්සිය (N.P.A) විසින් නිකුත් කරන ලද ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ උපදෙස් අනුව, අවශ්‍ය වන සේවා සහ භාණ්ඩ ප්‍රසම්පාදනය කිරීම පිළිබඳව සහ තොග පාලනය, ගබඩා කිරීම වැනි වෙනත් කාර්යයන් සම්බන්ධයෙන් ද වගකීම් දරයි. 

සැපයුම් සහ සේවා කාර්යාලයේ අනෙකුත් කාර්යයන්. 

  • වාර්ෂිකව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම.
  • මිල කැඳවීම්, මිල ගණන් සම්බන්ධයෙන් අයදුම්පත් කැඳවීම සහ විශ්ලේෂණය.
  • ටෙන්ඩර් මණ්ඩල සම්බන්ධීකරණය.
  • සැපයුම්කරුවන් තේරීම සහ මිලදී ගැනීම් ඇණවුම් නිකුත් කිරීම.
  • සියලුම භාණ්ඩ හා සේවා, ස්ථාවර වත්කම් සහ උපකරණ ප්‍රසම්පාදනය.
  • කොන්ත්‍රාතුවලට එළඹීම.
  • තාක්ෂණ ඇගයීම් කමිටු සහ ප්‍රසම්පාදන කමිටු කාර්යයන් සම්බන්ධ කටයුතු.
  • යන්ත්‍ර, කාර්යාල උපකරණ සහ වෙනත් උපකරණ සේවා කිරීම.
  • පාර්ලිමේන්තුවේ ප්‍රධාන ඉන්වෙන්ට්‍රිය පවත්වා ගෙන යාම සහ සෑම වසර 5කට වරක් භාණ්ඩ නැවත ගණන් ගැනීම.
  • ඉන්වෙන්ට්‍රි ලෙජර පවත්වා ගෙන යාම සහ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පැවැත්වීම.
  • ගබඩා කළමනාකරණය සහ අදාළ පොත් සහ ලෙජර පවත්වා ගෙන යාම.
  • සැපයුම්කරුවන්ගේ කාර්ය සාධන වාර්තා පවත්වා ගෙන යාම.

 



සැපයුම් සහ සේවා කාර්යාලය

නම

එන්.එන්. වේවැල්වල

ඊ-මේල් ලිපිනය

nishantha_w@parliament.lk





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks